Thursday, March 11, 2010

ජංගම දුරකතන (හා ආශ්‍රිත වෙනත් සේවා ) සදහා ගුවන්විදුලි තරංග භාවිතය - 2

මේ ලිපියේ පළමු කොටසින් එක් එක් සේවාවන් සදහා පාවිච්චි කරන් සංඛ්‍යාතයන් ගැන ලියුවා. මේ කොටසින් අපි ලංකාවේ ජංගම දුරකතන සදහා පාවිච්චි කරන EGSM-900, DCS-1800 හා WCDMA-2100 සංඛ්‍යාත පරාස ගැන සවිස්තරව බලමු.



GSM/3G ජංගම දුරකතනයක් සාමාන්‍යයෙන් තමන් සම්බන්ධ වෙලා තියෙන ජාලය සමග පනිවුඩ හුවමරු කරගන්න ගුවන් විදුලි සංඛ්‍යාතයන් දෙකක් පාවිච්චි කරනවා. මෙයින් එක් සංඛ්‍යාතයක් ජංගම දුරකතනයේ සිට ජාල වෙත පනිවිඩ යැවීමට යොදා ගන්නවා. මේකට කියන්නේ උඩුසබැදුම (uplink - අප්ලින්ක්) කියලා. අනිත් සංඛ්‍යාතය පවිච්චි කරන්නේ ජාලයේ සිට දුරකතනයට එන පනිවුඩ ලබාගන්න. මේකට කියන්නේ යටිසබැදුම (downlink - ඩවුන්ලින්ක්) කියලා. මේකියන සංඛ්‍යාත දෙකේ තමයි සියලුම පාලන නාලිකා (control channels), වාහක නාලිකා (traffic channels) සම්ප්‍රේශනය කරන්නේ. ඒ ගැන විස්තර වෙලව ලබෙන හැටියට වෙනත් ලිපියක ලියන්න හිතාගෙන ඉන්නවා.

කලින් කියපු හෙතුව නිසා හැම GSM/3G සංඛ්‍යාත පරාසයක්ම උඩුසබැදුම් කලාපය (uplink sub band), යටිසබැදුම් කලාපය (downlink sub band) සහ කලාප හිඩස (band gap) යනුවෙන් උපපරාස තුනකට බෙදලා තියෙනෙවා. මේවායින් උඩුසබැදුම් කලාපය සහ යටිසබැදුම් කලාපය 200KHz කලාප-පළලක් (Band width) ඇති නාලිකා ගනනාවකට බෙදා තියෙනෙවා. මේ එක් එක් උඩුසබැදුම් නාලිකාවට හා ඊට අනුරූප යටිසබැදුම් නාලිකාවට සම්මත නාලිකා අංකයක් (channel ID) තියෙනෙවා. මේ නාලිකා අංකය මගින් තමයි එක් එක් දුරකතන හෝ ජාලයන් පාවිච්චි කරන සංඛ්‍යාතයන් ගැන සදහන් කරන්නේ.


රූපයේ පෙන්වලා තියෙන විදිහට යම් දුරකතනයක් නාලිකා අංක1 (CH-1) පාවිච්චි කරනවායයි අදහස් කරන්නේ උඩුසබැදුම සදහා 890.2 MHz ද යටිසබැදුම සදහා 935.2 MHz ද පාවිච්චි කරනවා කියන එකයි.

දැන් අපි ලංකාවේ GSM/3G සංඛ්‍යාත පරාසයන්ගෙ භාවිතව බලමු.

  • EGSM-900 පරාසය
GSM දුරකතන සදහා භාවිතා කරන මුල්ම හා ප්‍රධානම පරසය. දැනට මේ පරාසය සම්පූර්නයෙන්ම පාවිච්චියට අරගෙනයි තියෙන්නෙ.





  • DCS-1800 පරාසය
EGSM-900 පරාසයට අමතරව බහුලවම භාවිත කරන පරාසයයි. දැනට සම්පූර්නයෙන්ම පිරිල නැහැ. මේ පරාසය තුල ඩයලොග් සදහා කලාප දෙකක් වෙන්කරල තියෙනවා. ඒවගෙම ජංගම දුරකතන සේවා පටන්ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඉලෙක්ට්‍රෝටෙක්ස් (Electrotex –Reliance group) ආයතනයට සම්මත උඩුසබැදුම් සීමාවට වඩා පරාසයකට (1785MHz to 1795MHz) බලපත්‍ර ඇතිබවත් සදහන් වෙනවා. හච් සදහාත් මෙ පරාසයේ සංඛ්‍යාත වෙන්කර තිබුනත් එවා සක්‍රියව පාවිච්චි වෙන බවක් නම් පෙන්න නැහැ.





  • WCDMA-2100 (IMT-2100) පරාසය
ලංකාව තුල 3G / 3.5G / HSDPA / HSUPA / HSPA සෙවා සදහා භවිත වෙන්නෙ මෙ පරාසයයි. දැනට මේ පරාසය තුල මොබිටෙල්, ඩයලොග් සහ එයාර්ටෙල් ආයතන සක්‍රිය සේවා පවත්වාගෙන යනවා.






මේවාට අමතරව විදුලි සංදේශ නියාමන කොමිසම(TRC) 4G (LTE) හා WiMax සදහා අලුත් සංඛ්‍යාත පරාස ජනවාරි මසදී නිකුත් කරන්න සූදානම් වෙලා තිබුනා. ඒත් තවම ඒගැන හරි තොරතුරක් නැහැ. දන්න කෙනෙක් ඉන්නෙව නම් මේකෙ comment එකක් දාන්න.

13 comments:

  1. Nokia phone eke Dispel eka uda yata maru wela penne mokkakkda karanna puluwan.

    ReplyDelete
  2. බොහොම වටින ලිපියක්. සරලව පැහැදිලිව තේරුම් කරල දීල තියනවා. දිගටම ලියන්න. බොහොම ස්තුතියි.

    ReplyDelete
  3. @දසයා
    ස්තූතියි. ඉදිරියේදී GSM, 3G, HSDPA, LTE ආදියේ තාක්ෂනික විස්තර ගැන ලියන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  4. ස්තූතියි,හොඳ ලිපියක්

    ReplyDelete
  5. Thanks Ayye.very important for me again thaks

    ReplyDelete
  6. ela ela aiye.... me wage dewal kiyala dena ekata gdak tnx...

    ReplyDelete
  7. මගේ ළඟ තියෙන NOKIA 2730 classic ෆෝන් එක හරහා netbook හරහා internet connect වෙන්න හැදුවම ෆෝන් එක restart වෙනවා.හේතුව කවුරු හරි දන්නවාද? Please comment

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුති මේක ගොඩ වටිනවා,
      ඒ වගේම මේ සංඛ්‍යාතයන් භාවිතා කිරීමේදි තියෙන වාසි අවාසි ගැනත් ලියන්න,
      ලංකාවේ භාවිතා කරන පරාසයන් වලට වැඩිය හොඳ පරාසයන් තියෙනවද ඒ ගැනත් ටිකක් කියලා දෙන්න

      Delete
  8. බොහොම ස්තුතියි මිත්‍රයා ඔබගේ ලිපි පෙලට.....

    ReplyDelete