Tuesday, March 9, 2010

ජංගම දුරකතන (හා ආශ්‍රිත වෙනත් සේවා ) සදහා ගුවන්විදුලි තරංග භාවිතය - 1

ලංකාවේ අද වන විට මිලියන 12 කට අධික ජංගම දුරකතන සංඛ්‍යාවක් භාවිත කෙරෙනෙවා. වෙන විදිහකට කිව්වොත් ලංකාවෙ ජනගහනයෙන් හැම 100 කටම මොබිල් ෆොන් 62 ක් තියෙනෙවා. මේ හැම ජංගම දුරකතනයක්ම වැඩ කරන්නේ ගුවන් විදුලි තරංග උදව් කරගෙන. මේ ගුවන් විදුලි තරංග විවිධ පරාසයන්ට අයත් වෙනෙවා. ඒ වගේම ගුවන්විදුලි තරංග වලින් මිනිසුන්ට වෙන අහිතකර බලපෑම් ගැනත් ලොකු උනන්දුවක් ඇතිවෙලා තියෙනෙවා. ඒක නිසා මට හිතුනා ලංකාවේ මෙ දුරකතන සදහා පාවිච්ච්කරන ගුවන්විදුලි තරංග පරාසයන් ගැන සටහනක් ලියන්න.

ජංගම දුරකතන වලට අමතරව වෙනත් බොහොමයක් සංනිවේදන සේවාවන් හා උපකරන සදහාත් මෙ ගුවන් විදුලි තරංග භාවිත කරනවා. ඒක නිසා අපි මුලින්ම බලමු ඒ වෙනත් සේවාවන් වල පාවිච්චි කරන ගුවන් විදුලි තරංග සංඛ්‍යාත එක්ක කොහොමද මේ ජංගම දුරකතන සංඛ්‍යාත පිහිටලා තියෙන්නෙ කියලා. පහල රූපයෙන් පෙන්වලා තියෙන්නේ ගුවන් විදුලි තරංග වර්නාවලියේ (Radio Frequency Spectrum) සරල සටහනක්. මේකෙ පෙන්වන දේ ගැන පොඩ්ඩක් විස්තර බලමු.

A: මධ්‍යම තරංග විකාශනය: මෙගා හර්ට්ස් 0.5265 සිට මෙගා හර්ට්ස් 1.6065 දක්වා
(Medium Wave Broadcasting: 0.5265MHz to 1.6065MHz)
කලකට ඉස්සර මේ පරාසය මධ්‍යම තරංග ගුවන් විදුලි සේවාවන් සදහා භාවිතා කරා, ඒත් දැන් මෙ පරාසයේ භාවිතාවක් නැති තරම්.

B: කෙටි තරංග විකාශනය: මෙගා හර්ට්ස් 1.8 සිට මෙගා හර්ට්ස් 30 දක්වා
(Short Wave Broadcasting: 1.8MHz to 30MHz)
කලකට ඉස්සර මේ පරාසය කෙටි තරංග ගුවන් විදුලි සේවාවන් සදහා භාවිතා කරා, ඒත් දැන් මෙ පරාසයේ භාවිතාවක් ගොඩාක් අඩුයි. මේ ගුවන් විදුලි සේවාවන් බොහොමයක්ම දිගුදුර විකාශන ( විදේශ රටවලට ) සදහා තමයි යොදාගත්තෙ. දැනටත් ලංකාවේ ඒකල, ත්‍රිකුනාමලය, ඉරනවිල සහ පුත්තලම යන් තැන්වල තියෙන විකාශනාගාර වලින් මේ පරාසයේ සම්ප්‍රේශන කටයුතු කෙරෙනෙවා. මේවායේ යොදාගන්නා සම්ප්‍රේශන බලය වොට් 300,000 තරම් ප්‍රබලයි. සරලව තනි පරාසයක් ලෙසට පෙන්වලා තිබුනත් මෙක උපපරාසයන් ගනනවක් තියෙනවා. මේ සමහර උපපරාස ආධුනික ගුවන් විදුලි (Amateur Radio) සේවා වැනිදේටත් වෙන්කරලා තියෙනෙවා.


C: රූපවාහිනී VHF-I: මෙගා හර්ට්ස් 54 සිට මෙගා හර්ට්ස් 68 දක්වා
රූපවාහිනී සේවා සදහා යොදාගන්නා මේ පරාසය VHF – L band, VL Band, VHF – Low band ලෙසද හදුන්වනවා.

D: FM ගුවන් විදුලි විකාශනය: මෙගා හර්ට්ස් 87 සිට මෙගා හර්ට්ස් 108 දක්වා
මේ පරාසය VHF – II band ලෙසද හදුන්වනවා.



E: රූපවාහිනී VHF-III: මෙගා හර්ට්ස් 174 සිට මෙගා හර්ට්ස් 230 දක්වා
රූපවාහිනී සේවා සදහා යොදාගන්නා මේ පරාසය VHF – HI band ලෙසද හදුන්වනවා.

F: රූපවාහිනී UHF: මෙගා හර්ට්ස් 470 සිට මෙගා හර්ට්ස් 806 දක්වා

G: GSM-850 පරාසය: මෙගා හර්ට්ස් 824 සිට මෙගා හර්ට්ස් 894 දක්වා
GSM දුරකතන සදහා භාවිතා කරන සම්මත පරාසයක්. ඇමරිකාව කැනඩාව වගෙ රටවල බහුලව භාවිත්කලත් ලංකාවෙ ඒ සදහා භාවිතාවක් නැහැ.

H: EGSM-900 පරාසය: මෙගා හර්ට්ස් 880 සිට මෙගා හර්ට්ස් 959.8 දක්වා
GSM දුරකතන සදහා මුල සිටම භාවිතා කරන සම්මත පරාසයයි. ලංකාවෙ දැනට බහුලවම පාවිච්චි කරන්නෙ මේ පරසය තමයි. ලංකාවෙ ජංගම දුරකතන සේවා සපයන ආයතන සියල්ලම මේ පරාසය පවිච්ච් කරනවා.



GPS පරාසය: මෙගා හර්ට්ස් 1227.60 සහ මෙගා හර්ට්ස් 1575.42
සටහනේ දක්වා නැතත් GPS සදහා පාවිච්චි කරන්නෙ මේ සංඛ්‍යාතයන් දෙකයි. ඉදිරියෙදී මේක සංඛ්‍යාත 5ක් දක්වා වැඩි වෙන්න නියමිතයි.

I: DCS-1800 පරාසය: මෙගා හර්ට්ස් 1710.2 සිට මෙගා හර්ට්ස් 1879.8 දක්වා
සම්මත GSM සංඛ්‍යාත පරාසයක්, ලංකාවෙ සහ යුරෝපා රටවල බහුලව භාවිතා කරයි. බොහෝ සෙවදායකයින් GSM-900 පරාසයේ ධාරිතව මදිවන විට මේ පරාසය පාවිච්චි කරනවා.

J: PCS-1900 පරාසය: මෙගා හර්ට්ස් 1850 සිට මෙගා හර්ට්ස් 1990 දක්වා
GSM දුරකතන සදහා භාවිතා කරන සම්මත පරාසයක්. ඇමරිකාව කැනඩාව වගෙ රටවල බහුලව භාවිත්කලත් ලංකාවෙ ඒ සදහා භාවිතාවක් නැහැ.

K: WCDMA-2100 (IMT-2100) පරාසය: මෙගා හර්ට්ස් 1920 සිට මෙගා හර්ට්ස් 2170 දක්වා
සම්මත 3G දුරකතන පරාසයන් ගෙන් එකක්. දැනට ලංකාවෙ 3G, HSDPA, HSPA සදහා පවිච්චි කරන්නෙ මේ පරාසයයි.

L: ISM 2.4GHz පරාසය: මෙගා හර්ට්ස් 2400 සිට මෙගා හර්ට්ස් 2500 දක්වා
කුඩා බල ප්‍රමානයන් සදහා බලපත්‍ර අවශ්‍ය නොවන සංඛ්‍යාත පරාසයක් (ලංකාවේදී බලපත්‍ර අවශ්‍ය නොවන්නේ මේ පරාසයෙන් සීමිත කොටසකට පමනි). මේ නිසා බොහො කටයුතු සදහා යොදාගන්නා අධික තදබදයක් සහිත සංඛ්‍යාත පරාසයක්. මේ පරාසයේ සංනිවේදන කටයුතු වලින් WiFi (802.11b/g), Bluetooth, හා ZigBee (802.15) ප්‍රමුඛ වන අතර ගෙදර දොරේ පවිච්චිකරන Microwave oven හා සමහර Cordless phone වැඩ කරන්නෙත් මේ පරාසයේ තමයි.

M: WiMax – 3.6GHz පරාසය:
දැනට ලංකාවෙ WiMax (802.16)සදහා පවිච්චි කරන්නේ මෙ පරාසයයි.

N: ISM 5GHz පරාසය:
කුඩා බල ප්‍රමානයන් සදහා බලපත්‍ර අවශ්‍ය නොවන සංඛ්‍යාත පරාසයක් (ලංකාවේදී බලපත්‍ර අවශ්‍යද ??). මේ පරාසයේ සංනිවේදන කටයුතු වලින් WiFi (802.11a), ප්‍රමුඛ වන SLT(SkyNet) WiMax සදහා යොදා ගනිතැයි බලපොරොත්තු වේ.

C පරාසය: ගිගා හර්ට්ස් 4 සිට ගිගා හර්ට්ස් 8 දක්වා
C band : 4GHz to 8GHz
චන්ද්‍රිකා මගින් කරන රූපවාහිනි විකාශයන් සදහා යොදාගන්නා පරාසයකි. ඇනලොග් ක්‍රමයට සම්ප්‍රේශන කටයුතු වලට බහුලව යොදාගත්තද දැන් දැන් ජනප්‍රියතාවය අඩු වෙමින් පවතියි.



Ku පරාසය: ගිගා හර්ට්ස් 12 සිට ගිගා හර්ට්ස් 18 දක්වා
Ku band : 12GHz to 18GHz
චන්ද්‍රිකා මගින් කරන රූපවාහිනි විකාශයන් සදහා යොදාගන්නා පරාසයකි. ඩිජිටල් ක්‍රමයට සම්ප්‍රේශන කටයුතු වලට බහුලව ගනියි. Dialog TV සදහා යොදාගන්නේ මේ පරාසයයි.

Ka පරාසය: ගිගා හර්ට්ස් 26.5 සිට ගිගා හර්ට්ස් 40 දක්වා
Ka band : 26.5GHz to 40GHz
ලංකාවේ බහුලව නැති වුනත් පොලිසිය වැනි ආයතන පවිච්චිකරන වාහන වේග දර්ශක (Vehicle speed detecter) මේ පරසය පාවිච්චි කරයි.

7GHz, 11GHz, 13GHz, 15GHz, 18GHz, 23GHz, 26GHz පරාස:
කුඩා කලාප-පළලක් (Band width) සහිත මේ සංඛ්‍යාත පරාස බොහෝවිට යම් නියමිත ස්ථාන දෙකක් අතර (point to point) සංනිවේදන කටයුතු සදහා යොදා ගන්නවා. ලංකාවේ ජංගම දුරකතන සේවාදායකයන් තමන්ගේ සම්ප්‍රේශන කුළුණු එකිනෙක සම්බන්ධ කරන්න පාවිච්චි කරන්නෙ මේ සංඛ්‍යාත පරාසයන් තමයි.

මේ ලිපියේ දෙවෙනි කොටසින් අපි EGSM-900, DCS-1800 හා WCDMA-2100 පරාසයන් ගැන සවිස්තරව කතාකරන්න බලාපොරොත්තු වෙනවා.

7 comments:

  1. මම මේ විෂය සම්බන්ධයෙන් දැනට දැක ඇති හොඳම ලිපියයි මේ. සුභ පැතුම්

    ReplyDelete
  2. Good Letter...I wish you all the best

    ReplyDelete
  3. GSM Line HACK කරන්න පුළුවන් නේද ?

    ReplyDelete
  4. බොහොම ස්තුතියි මිත්‍රයා ඔබගේ ලිපි පෙලට.....

    ReplyDelete
  5. ගොඩාක් හොද ලිපියක්.දිගටම කරගෙන යන්න. සුභපැතුම්.

    ReplyDelete