Monday, February 8, 2010

ටොයෝටා වාහන අලෙවිය අත්හිටුවා මිලියන ගනනක් වාහන නැවත කැදවයි !!! ???

ටොයොටා සමාගම 2010 ජනවාරි මස නිකුත් කල නිවේදනයට අනුව එම සමාගම විසින් නිෂ්පාදනය කර අලෙවිකරණ ලද වාහන වර්ග ගනනාවක් ආපසු කැදවලා. මේ නැවත කැදවීමට අදාල මුළු වාහන ගනන මිලියන 6 ත් 8ත් අතර වෙනවා කියලා ඇස්තමේන්තු කරලා.
ඉතින් මේ නැවත කැදවපු වාහන හැකි ඉක්මනින් අළුත්වැඩියා කරන්න ටොයොටා සමාගම ලොකු පරිශ්ශ්‍රමයක් දරණවා. මේ කටයුතු ඉක්මන් කරන්න සමහර කර්මාන්තශාලා වල නිශ්පාදන නවත්වලා ඒ කාර්මික ශිල්පීනුත් අළුත්වැඩියා කටයුතුවල යොදවලා. නැවත කැදවලා ටියෙන වාහන ලයිස්තුව මෙහෙමයි.
2005 - 2010 Avalon
2007 - 2010 Camry
2009 - 2010 Corolla
2008 - 2010 Highlander
2009 - 2010 Matrix
2004 - 2009 Prius
2009 - 2010 Rav4
2008 - 2010 Sequoia
2005 - 2010 Tacoma
2007 - 2010 Tundra
2009 - 2010 VENZA

මේ ඔක්කොම වෙල තියෙන්නෙ නම් ඇමරිකාවෙ සහ ජපානයේ. ලංකාවෙත් මේ සමහර වර්ගවල වාහන පවිච්චි වෙනවා (Corolla, Camry, Rav4, etc…) නමුත් මේ නැවත කැදවෙම් ලංකාවේ පාවිච්චි කරන ටොයෝටා වාහන වලට බලපාන්නෙ කොහොමද් කියලා නම් මම තවම දන්නෙ නැහැ.

ඉතින් මොකක්ද මෙ නැවත කැදවීම් වලට හේතුව?
1) ඇක්සලරේටර පැඩලය බිම අවරනය (Floor Mat) මගින් අවහිර වීමට ඇති හැකියාව.
ඇක්සලරේටර පැඩලය තදින් පාගා ඇතිවිට බිම් ආවරනයේ පැටලීම නිසා වාහනය පාලනය කරගත නොහැකි වීම.

මේකට පිලියම් වශයෙන් එක් එක් වාහන වර්ගය අනුව බිම් ආවරනය මරු කිරීම, ඇක්සලරේටර පැඩල හැඩය මාරු කිරීම සහ බිම් තහඩු හැඩය වෙනස් කිරීම, ටොයොටා සමගම නොමිලයෙම කර දෙනවා.

2) ඇක්සලරේටර පැඩලය හිරවීම.

ඇක්සලරේටර පැඩල යාන්ත්‍රනයේ සිරවීමක් ඇතිවීම. මේ ඇක්සලරේටර පැඩල කේබලයකට සම්බන්ද වන ඒවා නෙවේ. ඇක්සලරේටර පැඩලයට සම්බන්ධ ඉලෙක්ට්‍රොනික සෙන්සර්යක් මගින් ත්‍රොටල් වල්වය පලනය කිරීම තමඉ වෙන්නෙ.



ඉතින් රියදුරුට සාමන්‍ය ඇක්සලරේටර පැඩලයක හැගීම ලබාදෙන්න මෙකට ඝර්ශනය ඇතිකරන කොටස් එකතුකර තියෙනෙවා. එ කොටසක් අනවශ්‍ය පරිදි හිරවෙන්න පුලුවන්ලු. ඒනිසා වාහනය පාලනය කරගන්න බැරුව අනතිරු සිදුවීම වලක්වාගන්න තමයි මේ නැවත කැදවීම.



මේකට පිලියම විදිහට අක්සලරෙටර යාන්ත්‍රනයෙ පොඩි වෙනසක් ටොයොටා සමාගම හදුන්වලඩීල තියෙනෙවා.

ඒවගෙම ඉලෙcට්‍රොනික පලකයේ මෘදුකාංග වෙනසකුත් කරනව කියලා ආරංචියි.

මේවාට අමතරව තවම නිල වශයෙන් දැනුම් දෙලා නැති යලි කැදවීමකුත් ආරංචියි. ඒතමයි 300,000 ක් විතර 2010 ඵ්‍රිඋස් වාහන යලි කැදවීමක්. මේකට හෙතු වෙල තියෙන්නෙ රළු පාරක යනකොට හදිසි බ්‍රේක් පහරකදී සුලු වෙලවකට බ්‍රේක් නොවදීයම. මේ ගැන ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ උසාවියක නඩුවක් ගොනුකරලා සහ ඇමරිකාවේ මාර්ග ආරක්ෂණ අධිකාරිය () විදිමත් පරීක්ෂණයක් කරන්නත් නියම කරලා.
Prius කියන්නෙ දෙමුහුන් (Hybrid) වාහනයක්. ඒ කියන්නෙ විදුලි මොටරක් මගින් සහ පෙට්‍රල් එන්ජිමක් කියන දෙකකින්ම බලය සපයනවා. මේවයේ බ්‍රේක් පද්ධතිය කොටස් දෙකකි වැඩකරන්නෙ. එකකට කියන්නෙ ප්‍රතිජනක තිරිංග පද්ධතිය (රීජෙනරේටිව් බ්‍රේරෙක් - regenerative brake) කියලා. මෙකෙන් කෙරෙන්නෙ බ්‍රේක් පහරකදී අපතෙයන චාලක ශක්තිය නැවත බටරියේ ගබඩා කරගැනීමට යොද ගැනීමයි. අනෙක සාමාන්‍ය බ්‍රේරෙක් පෑඩ් සහිත පද්ධතිය. ඉතින් දෝශයට හේතුවෙලා තියෙන්නෙ මේ රීජෙනරේටිව් ක්‍රමයේ ඉද්ලා සාමාන්‍ය ක්‍රමයට මාරු වෙද්දී ABS පද්දතිය ක්‍රියාත්මක වෙලා බ්‍රේක් ක්‍රියාකරීතිවයට බාධා වීමයි.

මේ දෝශය තවත් දෙමුහුන් වාහන (Lexus HS250h) වල තියෙනවාද කියලා ටොයොටා සමගම පරීක්ෂා කරගෙන යනවළු.

අපේ රටෙත් අදාල බලධාරින්, වාහන හිමියන්, වාහන නිශ්පාදකයන් මේ වගේ මර්ග ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනව නම්............

11 comments:

  1. ප්‍රයෝජනවත් ලිපියක්.ස්තූතියි ඔබට දැනුවත් කිරීමට

    ReplyDelete
  2. ඔව් මමත් ඔක ඇහුවා

    ReplyDelete
  3. හොද වෙලාවට මට ටොයෝටා දිරවන්නේ නැත්තේ.

    ReplyDelete
  4. තිබුණත් නැතත් දැනුමට නියමයි ...

    ReplyDelete
  5. මට තියෙන්නේ TOYOTA 141 එකක් එකටත් මෙ ලෙඩ ඒවීද? කියලා කියන්න. ස්තූතියි දනුවත් කිරීමට මම ස්ටෑන්ලී

    ReplyDelete
  6. @Anonymouse - Stanly
    හැම කාර් එකකම මෙ ප්‍රශ්නෙ නැහැ. ඔබේ වාහනයේ තියෙන්නේ Denso ඇක්සලරේටර් පැඩලයක් නම් ප්‍රශ්නයක් නැහැ. ඒක අදුර ගන්න විදිහ ගැන මෙන්න මේ සබැදුම බලන්න.

    http://www.youtube.com/watch?v=TR-3nMD-f6U&feature=related

    සැකයක් තියෙනෙව නම් ලංකාවෙ නියෝජිතයන්ගෙන් අහන්න.

    ReplyDelete
  7. ඔන්න ඔය වගේ ප්‍රශ්න හින්දා තමයි මම කාර් නොගන්නේ.(නැතුව අතේ සතේ නැති හින්දා නෙවෙයි ඔං)

    ReplyDelete
  8. හොඳ වෙලාවට ටොයෝටා එකෙන් බයිසිකල් හදන්නේ නැත්තේ

    ReplyDelete
  9. අවසාන වාක්‍යයේ පැතුම ඉටුවන්නේ කවදාද ?

    ReplyDelete
  10. ‍අහන්න ලැබෙන විදිහට මේක ටොයෝටා වෙළඳනාමයට සෑහෙන්න බලපායි වගේ. මගෙත් තියෙන්නෙ ටොයෝටා එකක්. ඒත් ඒක ටිකක් පරණ එකක්. මේ අවුල තියෙන්නේ අළුත් මොඩ්ල් වලටනේ.

    ReplyDelete
  11. නියමයි සදීප මල්ලි.... දිගටම මේ වගේ ලියන්න..
    මේ බ්ලොග් එක sadeepedia කියල rename කරමු..wish u all da best malli.. thank u very much.

    ReplyDelete