Wednesday, September 23, 2009

Windows Mobile (Samsung Omnia i900) සහ සිංහල යුනිකෝඩ්

මගේ කලින් සටහනෙන් කිව්වෙ Symbian phone එකකට සිංහල යුනිකෝඩ් font දාන්නෙ කොහොමද කියලා. අද කියන්න යන්නෙ windows mobile phone එකකට ඒක කරන හැටි. මේකට මම පාවිච්චි කරන්නෙ Samsung Omnia SGH-i900 phone එකක්. ඒකෙ තියෙන්නෙ windows mobile 6.1 professional version එක.




මේකෙ දැනට Techකතා site එක පේන්නෙ මේ විදිහට.
Windows mobile phone වලට ෆොන්ට් දාන හැටි මෙහෙමයි.




(1) Phone එක active sync වලින් PC එකට connect කරලා “\Windows” folder එකට brows කරන්න. ඒකෙ Fonts කියලා folder එකක් නැත්නම් එහෙම folder එකක් හදන්න.
(2) දැන් මේ “\windows\fonts” folder එකට අවශ්‍ය font එක copy කරන්න. මම පාවිච්චි කරේ "ඉස්කොලෙ පොත" (iskpota.ttf).
(3) ඊලගට phone එකේ registry entry කීපයක් දාන්න ඕනා. මේකට මම නම් පාවිච්චි කෙලේ Visual studio 2005 වල එන Windows CE remote registry editer කියන ටූල් එක. මේ සදහා windows mobile registry edit කරන ඕනෑම එකක් පාවිච්චි කරන්න පුලුවන්. මේ ඕනම ක්‍රමයකට පහත දැක්වෙන entry ටික දාගන්න.
-----------------------------------------------------------------------
[HKEY_LOCAL_MACHINE\System\GDI]
“FontLinkMethods” = dword:1

[HKEY_LOCAL_MACHINE\Software\Microsoft\FontLink\SystemLink]
“Tahoma” = “\\windows\\Fonts\\ iskpota.ttf,Iskoola Pota”

“Courier New” = “\\windows\\Fonts\\ iskpota.ttf,Iskoola Pota”
-------------------------------------------------------------------------
[මේක කරන්න පුලුවන් තව ක්රමයක් තමයි. තිත් ඉරි වලට මැදින් තියෙන registry keys ටික text file එකකට copy කරලා, ඒක sinhala.reg වගෙ “.reg” extension තියෙන නමකට rename කරන්න. දැන් මේ file එක active sync වලින් copy කරන්න. දැන් copy කරපු file එක මත double click කරන්න. එන message එකට yes කියන්න.]

සැ. යු.- Tool එකෙන් registry entry දානව නම් "\\" වෙනුවට "\" භාවිතා කරන්න.

දැන් phone එක පරිගණකයෙන් ගලවා restart කරන්න. එතකොට අලුත් font එකෙන් සිංහල අකුරු පේන්න ඕනා.

දැන් Techකතා site එක පෙන්නෙ මේ විදිහට.



























ලොකුම ප්‍රෂ්ණය තමයි සිංහල අකුරු type කරන එක. මේකට තියෙන ක්රමය තමයි UCSC එසැනින් පරිවර්තකය හෝ යතුරු පුවරුව පාවිච්චි කරන එක. ඒත් මේ දෙකින් එකක් වත් හොදින් වැඩ කලේ නැහැ. එසැනින් පරිවර්තකය වැඩ කලේම නැහැ. යතුරු පුවරුවේ සමහර අකුරු විතරයි වැඩ කරේ.



ඉහත රූපයේ මුල් අකුර මම "පි" type කල විට ලැබුනු අකුරයි. ඉතින් මේකත් පාවිච්චි කලනොහැකි මට්ටමේ තමයි.

Registry entry මැකීමෙන් හෝ “clean boot” කිරීමෙන් මේ font එක ඉවත් කරගන්න පුලුවන්.

සැ. යු.- අත්හදා බැලීමේ අවදානම ඔබ සතුයි.

17 comments:

  1. මේවා ලියන එක නම් ලොකු දෙයක්, ගොඩක් අයට තියන ගැටලුවක් !!!

    ReplyDelete
  2. wdade niyamai maxxa.....(sadeepa ayya horanda?mamath horana ekai ahuwe)

    ReplyDelete
  3. නොකියා N70 පොන් වලට සින්හල දාන්නේ කොහොමද කියලා දෙනවද?

    ReplyDelete
  4. @Ukussa

    මේ ෆොන් එක Symbian OS 8.1 තියෙන එකක්. එකෙ භාවිතා කරන්නෙ GDR කියන ෆොන්ට් වර්ගය ( not TTF fonts). අලුත් ෆොන්ට් එකක් දාන හැටි කියන මේ සබැදුම පොඩ්ඩක් බලන්න. අත්හදා බලලා නම් නැහැ.

    http://www.allaboutsymbian.com/forum/showthread.php?t=45484

    ReplyDelete
  5. බොහොම ස්තූතියි මචං. මම මේ විදියට ෆොන්ට් එක දැම්ම. නමුත් රෙජිස්ට්‍රි එක එඩිට් කරගන්න බැරි වුනා. කියල තියෙන විදියට ටෙක්ස්ට් ෆයිල් එක හදල දැම්මත් හරි ගියේ නෑ. නමුත් ෆොන්ට් එක දාපු නිසා දැන් කියවන්න පුළුවන් (සුළු දෝස සහිතව )

    ReplyDelete
  6. weldone!!!!!!!
    good work for windows mobile users
    1.is that work for windows mobile 5????
    2.how to update WM 5 to WM 6.1
    3.pl tell best free PDF viever for WM 5

    ReplyDelete
  7. @නොදරුවා
    Registry entries are for font linking and its kind of optional thing. So dont worry.

    @අසංග
    1. Yes it works for Mobile 5.x too
    2. To upgrade to 6.1 you need to find a ROM OS file for your device. Try manufactures web site or forums.

    ReplyDelete
  8. machan android phones walata sinhala unicode daaganna kramayak nedda

    ReplyDelete
  9. @Ali
    Thawama uthsaha karanna bari una. If can try some thing similar to http://blog.amr-gawish.com/39/arabic-language-in-android/

    ReplyDelete
  10. Thanks Sadeepa. Does this only work in IE. How about other browsers like Opera?

    ReplyDelete
  11. ආහ්..
    මමත් යූස් කරන්නෙ WM එකක්...
    මොඩ්ල් එක LG Ks20 ...
    මම පාවිච්චි කරන්නෙ මෙහෙමයි...
    "Opera මොබයිල් 10 දාගන්න ... ඒකෙ ෆොන්ට්ස් ෆොල්ඩර් එකට Unicode ෆොන්ට්ස් ටික (iskpota.ttf) පේස්ට් කරල ඒකෙන් ගියහම යුනිකෝඩ් එසැනින් පරිවර්තකය පට්ටට වැඩ ...

    ReplyDelete
  12. Thank you very much. It works like a charm with my WM + Opera!

    ReplyDelete
  13. ChangeFonts v0.1

    http://forum.xda-developers.com/showthread.php?t=416325&page=3

    ReplyDelete
  14. අනෙ අර විදියට .reg file එක හදලා copy කලා phone එකෙන් openකලාට run වෙන්නෙ නෑනෙ HTC touch diamond windows mobile 6.1 ROM

    ReplyDelete
  15. Hi Sandeepa, good work. please send me your email. or write me nalanthad@gmail.com

    ReplyDelete
  16. mcn nokia lumia 900 . virtion eka 7.8
    mekata danna barida?

    ReplyDelete