Friday, October 16, 2009

LCD තිරයක අන්වීක්ෂීය සටහන්

මගේ මේසය උඩ තිබිලා හම්බ උනා Nokia 6120c ෆෝන් එකකින් ගලවපු LCD එකක්. මේක මම දැනට අවු 2 විතර කලින් පාවිච්චි කරපු ෆෝන් එකෙන් ගලවපු එකක්. ඒක දවසක් බිම වැටිලා LCD එකෙ මැද්දෙන් පුපුරලා pixel පේලි කීපයක් පෙන්නෙ නැතුව ගියානෙ (ච්හ් ඒ දවස් වල මේ බ්ලොග් කෙරුවාව කලේ නැහැනෙ, නැත්නම් ඒකත් මේකෙ ලියන්න තිබුනා). LCD එකක් වැඩ කරන හැටි ගැන අදහසක් ගන්නත් එක්ක මට හිතුනා එකෙ පින්තූර ටිකක් දාන්න. පින්තූර කිව්වට මේවා අන්වීක්ෂයක් තුලින් ගත්ත පින්තූර. මේ ටික බැලුවට පස්සෙ හිතෙයි නිකම්ම වීදුරුකෑල්ලක් වගෙ තිබුනට මෙක කොයි තරම් සංකීර්ණද කියලා.

මේක නිකම්ම LCD එකක් කියල කිව්වට මේක TFT (Thin Film Transister - මේ මොකක්ද කියලා අපි පසුව බලමු) වර්ගයේ සහ පසුබිම් ආලෝක සපයන උපාංගත් මෙකට අයිතියි.

මෙන්න LCD එකේ බාහිර පෙනුම.

ඉදිරිපස පෙනුම.



පිටුපස පෙනුම.


සාමාන්‍යයෙන් LCD එකක සැකසුම මේවගෙයි (හරස්කඩක්).



















1 - පිටත ලෝහ ආවරනය (Metal back plate)
2 - ආලෝක පරාවර්ථකය (Light Reflector)
3 - ආලෝක විසරණ පත්‍ර (Light diffusing foils)
4 - සක්‍රිය LCD තිරය (ද්‍රව ස්ඵටික අඩංගු ඇසුරුම)
5 - ප්ලාස්ටික් ආවරනය (Plastic frame)
6 - පරිපථ කොටස්
7 - පසුබිම් ආලෝක සැපයුම් LED (Back light LEDs)
8 - ආලෝක නියාමන පෙට්ටිය (Light guide box)
9 - ආලෝක ද්‍රැවීකාරකය (Light polarizer)
10 - පාලන හා තීරු එලවන පරිපථය (Control and column driver circuit)


මෙන්න සැබෑ පෙනුම (පිටත ලෝහ ආවරණය ගලවා ඉවත් කලවිට)



අපි දැන් මේ ඉහල රූපයේ පෙන්වන A,B,C හා D ප්‍රදේශ විශාල කර බලමු.

A රූපයෙන් පේන්නෙ LCD වීදුරුවේ 1mm පමණ වන ගැට්ට මත පරිපථ හා ඉලෙක්ට්‍රොනික උපාංග මුද්‍රණය කර ඇති ආකාරයයි. රතු කොටුව තුල පෙනෙන්නේ LCD එකේ pixel row driver පරිපථයයි. මේ කොටස එක් එක් පේලිය සදහා නැවත නැවත සාදා ඇති ආකාරය පෙනෙනෙවා. X යනුවෙන් ලකුණු කර ඇති රවුම් ප්‍රදේශය නැවත විශාලනය කර පසුව පින්තූරක විස්තර කරමු.

B රූපයෙන් පේන්නෙ LCD එකේ column වල කෙලෙවර අති ටෙස්ට් pads කිහිපයක්. මෙහි column අංකද මුද්‍රණය කර ඇති බවද පේනවා.

මෙන්න micro පරිමාණයේ barcode සහ ටෙස්ට් පෑඩ්.
අපි C සහ X යනුවෙන් පෙන්වන ප්‍රදේශ විශාලකර බලන්න කලින් මේ LCD එකේ අලවාඇති ආලෝක ද්‍රැවීකාරක (polarizer) පතුර ගලවන්න ඕනා.



දැන් C ප්‍රදෙශය විශාලකර බැලුවහම පෙන්නෙ මේ වගේ. මේ පොඩි කොටු වගේ තියෙන්නෙ එක් එක් pixel. මේ එක එකක් රතු, කොල, නිල් පාට වලින් යුක්තයි. එක එක කොටුවක ඉහලින් සහ පහලින් පෙනෙන කුඩා තිත් දෙක තමයි pixel drive කරණ ට්‍රාන්සිස්ටර. මේ ට්‍රාන්සිස්ටර FET වර්ගයේ වන අතර වීදුරුව මත සිහින් පටලයක් ලෙස තමයි හදල තියෙන්නෙ. ඒක නිසා තමයි මේ LCD වර්ගයට TFT (thin film Transistor) කියලා කියන්නෙ.

A රූපයෙ X ප්‍රදෙශය විශාලකලාම මේ එක් එක් pixel කොහොමද row drivers වලට සම්බන්ධ වෙන්නෙ කියලා පේනවා.


LCD එක යට පැත්තෙන් අලෝක කරනය කර උඩින් බැලුවම pixel ටික අලංකාරව පෙනෙනවා.

LCD එකේ කතාව නම් ඉවරයි. ඒත් නවතින්න කලින් අපි මේ අන්වීක්ෂීය පින්තූර ගත්තෙ මෙහෙමයි.





විශේෂ් ස්තුතිය, පින්තූර ගැනීමෙන් සහාය දැක්වු විපුල ලියනාආරච්චි සහෝදරයාට.

13 comments:

  1. ආ... නියමයි... ඔෆිස් එකේ වැඩ තිබිලා නෑ වගේ :D

    ReplyDelete
  2. නියමයි!! වෙලාවට ෆෝන් එක කැඩිලා තිබුණේ

    ReplyDelete
  3. එළ එළ... මම නං මීට කලින් මේවා දැකලා නෑ.

    ReplyDelete
  4. LCD වැඩ කරන්නෙ කොහොමද ?(අංක හෝ අකුරු පෙන්නනෙ)
    සරලව පැහැදිලි කලොත්

    ReplyDelete
  5. @LCD වැඩ කරන්නෙ කොහොමද ?

    අපි දැකපු තිත් වැනි ට්රාදන්සිස්ටර මගින් ඊට අදාල pixel තුලින් ආලෝකය ගමන්කිර්රෙම පලනය කරනෙවා. ඇත්තටම නම් කෙරන්නේ ට්රාාන්සිස්ටර මගින් ඇති කරණ විද්යුත් ක්ෂේත්රNයක් මගින් ද්රිව ස්පටික (liquid Crystals)ඇසිරී ඇති දිශාව වෙනස් කිරීමෙන්. එනම් ට්රගන්සිස්ටරය OFF විට ආලෝකය ඒ හරහා ගමන් නොකරන අතර ( එවිට අදාල pixel කළු පැහැයෙන් දිස් වේ) ON විට ආලෝකය ඒ හරහා ගමන් කරයි ( එවිට අදාල pixelය අදාල වර්ණයෙන් දිස් වේ). ඉතින්, අපිට අවශ්ය රටවකට මේ ට්රාාන්සිටර් ON/OFF කිර්ර මෙන් අවශ්යව රූපය පෙන්වන්වන පුලුවන්.
    [වෙලාවක් ලැබුනොත් වැඩි විස්තර සහ රූප සහිතව සටහනක් ලියන්නම්]

    ReplyDelete
  6. බොහොම ස්තූතියි ‍දැනුවත් කිරීමට

    ReplyDelete
  7. ඉගෙන ගන්න ආස අය‍ට හොද ලිපියක් වටිනාකම කියන්න බැහැ...

    ReplyDelete
  8. නියම ලිපිය
    ගොඩක් දේවල් ඉගෙන ගත්තා
    තෑන්ක්ස්

    ReplyDelete
  9. thank you so much machan

    ReplyDelete
  10. නියමයි.මට පොඩි දෙයක් කියලා දෙන්න පුලුවන්ද?

    calculator වල උඩම තියන stiker එක වගේ ඒකෙන වෙන්නේ මොකක්ද? ඒක ගැලෙව්වම මොකුත් පෙන්නේ නෑ.ඒක හරහා බැලුවම තමා පෙන්නේ.ඒ වගේම ඒක කණපිට හරවලා ඇලෙව්වොත් අංක ටික සුදු පාට වෙලා පසුබිම කළු පාට වෙනවා

    ReplyDelete