Wednesday, November 26, 2008

සුසුකි ස්විෆ්ට් මෝටර් රථය‍ක දෝෂ කේත ලබා ගන්නේ මෙහෙමයි

අද කාලේ භාවිත කරණ බොහෝමයක් මෝටර් රථවල එංජිම පාලනය කරන්නේ ඉලෙක්ට්‍රොනික් පද්ධතියකින්. මේ පද්ධති වල ක්‍රියාකාරීත්වය තරමක් සංකීර්ණයි. ඒ නිසාම මෙවැනි පද්ධතියක දෝෂයන් සොයාගනීමත් අපහසුයි. මෙයට පිලියමක් වශයෙන් එවැනි දෝෂ සොයාගැනීමට උපකාර වන කොටසකුත් මේ පද්ධතිවලට එකතුකර තියෙනෙවා. මේ කොටස හදුන්වන්නේ OnBoard Diagnostic (OBD) යන නමින්. මේ OBD පද්ධතිය යම් දොෂයක් ඇති බවට් නිගමනය කල විට එ බව මීටර පුවරුව (Dash board) මත සංඥා බල්බයක් (Check Engine Lamp, Malfunction Indicater Lamp - MIL) දල්වීමෙන් රියදුරුට දැනුම් දෙනවා.


Check Engine සංඥා බල්බය




OBD පද්ධති සදහ සම්මතයන් (Standards) භාවිතා වුනත් අපේ රටට ගෙන්වන වාහන බොහෝමයක් මේ සම්මතයන්ට අනුව වැඩ කෙරන්නේ නැහැ. ඒ ඒ වාහන නිෂ්පාදකයන්ට ආවේනික ප්‍රොටෝකෝලයන් අනුව වැඩකරණ (proprietary protocols) පද්ධති තමයි මේ වාහන වල භාවිතාවෙන්නේ. ඒනිසා මෙවැනි දෝෂ සොයාගැනීමට ඒජන්තවරුන් ලග පමණක් ඇති විශේෂ උපකරණ යොදා ගන්න වෙනවා. ඒත් සමහර වාහනවල සම්මත OBD ක්‍රමයට අමතරව දෝෂ සොයාගැනීමට උපකාර වන වෙනත් උපක්‍රම සපයා තිබෙනවා. එනම් මේ උපක්‍රමය ක්‍රියාත්මක කළවිට Check Engine බල්බය යම් රටාවකට නිවි නිවි දැල්වීමෙන් අදාල දෝෂය කේතයක් (Code) ආකාරයෙන් පෙන්වා දෙනවා.







සුසුකි ස්විෆ්ට් මෝටර් රථය‍ක සම්මත OBD සම්බන්දකය (සුක්කානම අසල)




ඉතිං පසුගිය දවසක මගේ මිතුරෙකුගේ මොටර් රථයේත් (Suzuki swift – 2003, Model HT51S) මේ විදිහට සංඥා බල්බය දැල්වෙන්න පටන් අරගෙන. සාමාන්‍යයෙන් මේවගෙ වෙලාවට කරන්න තියෙන්නේ, එම මාදිලියේ වාහන සදහා ඒජන්තවරුන්ගේ ගරාජයකට ගිහින් අදාල දෝෂය සොයගනීමයි. ඒත් මේ සදහා සමාන්‍යයෙන් අධික මුදලක් අය කෙරෙනෙවා. ඒක නිසා මෙ දෝෂය ගැන අපිම සොයා බලන්න තීරණය කළා.

සුසුකි වාහනවල සම්මත සම්බන්දකය (Standard OBD connector) අමතරව වෙනත් සම්බන්දකයක් තමයි Check Engine බල්බය මගි දෝෂ කේත ලබා ගැනීමට භාවිතා කරන්නේ. මේ සම්බන්දකය තියෙන්නේ ඉදිරිපස මගී දොර අසන්නෙයේ ඇති වයර මිටියත් සමගයි.





සම්බන්දකයේ පිහිටුම


මේ සම්බන්දකය සොයා ගත්තාට පසුව මෝටර් රථයේ යතුර ඕෆ් පිහිටුමේ (off position) තිබියදී රූපයේ පෙන්වා ඇති පරිදි B සහ D අග්‍ර වයර් කැබැල්ලකින් සම්බන්ද කරන්න.








B සහ D අග්‍ර සම්බන්දය

දැන් මෝටර් රථයේ යතුර ඔන් පිහිටුමට (on position) ගෙන එන්න. එවිට Check Engine බල්බය නිවි නිවී දැල්වෙමින් අදාල දෝෂ කේතය පෙන්නුම් කෙරයි. මේ කේතයන් කියවගන්නා ආකාරය පහත රූපසටහන් වලින් දක්ව ඇත.(එංජින් පාලන පද්ධතියේ දෝෂයක් නොමැති නම් කේත අංක 12 දැක්වෙනු ඇත )

දෝෂ කේත අංක 21 දැක්වෙන ආකාරය


Blinking code SAE Code Diagnostic item

---------------- ------------ -------------------


11 P0105 MAP sensor
11 P0106 MAP sensor
12 P0000 Normal
13 P0120 Throttle Position sensor
14 P0130 O2 sensor (1)
14 P0135 O2 sensor heater (1)
15 P0340 CAM angle sensor
16 P0500 Speed sensor signal
17 P0325 Knock sensor (1)
18 P0110 Intake Air temperature sensor
19 P0115 Coolent temperature sensor 23 P0335 Crank angle sensor
24 P0171 Fuel Systems-lean abnormal (1)
24 P0172 Fuel Systems-rich abnormal (1)
27 P0350 Ignition output signal
29 P1450 Abnormal atmospheric pressure sensor signal
32 P0011 VVT abnormal operation - Abnormal spark advance
32 P0012 VVT abnormal operation - Abnormally slow corner
33 P1915 PCV abnormal operation 54 P0174 Fuel Systems-lean abnormal (2)
54 P0175 Fuel Systems-rich abnormal (2)
55 P0150 O2 sensor (2)
55 P0155 O2 sensor heater (2)


දෝෂ කේත වග්‍රව


කේත එකකට වඩා වැඩි ගනනක් ඇත්නම් ඒවා තුන්වරක් බැගින් අනුපිළිවෙලට දැල්වෙනු ඇත. අදාල කේතයන් කියවා ගත්තාට පසුව යතුර නැවත ඕෆ් පිහිටුමට ගෙනවිත් සම්බන්දකයේ අග්‍ර සම්බන්ද කල වයර් කබැල්ල ගලවා දමන්න. දැන් දෝෂය දන්නා බැවින් අවශ්‍ය අලුත්වැඩියාව ඔබටම හෝ කැමති ස්ථානයකින් කරගන්න පුලුවන්. දෝෂය නිවැරදි කලාට පස්සෙ තවමත් Check Engine බල්බය දැල්විලාම තියෙනෙවා නම්, බැටරි වයර විනාඩියක් විතර වෙලාවක් ගලව තබීමෙන් ඒක නිවා දමන්න පුලුවන්.

මගේ මිතුරාගේ වාහනයෙන්නම් ලැබුනේ කේත අංක 15. මේ දෝෂය තිබියදීත් වාහනය වැඩකරණ නිසා මගේ මිතුරා අළුත්වැඩියාව කල්දමා යන්න ගියා.

කේත අංක 12 දැක්වෙන ආකාරය පහත වීඩියෝවෙන් බලාගන්න.

(sorry video is 90 degrees rotated)




Disclaimer
- Experiment at your own risk.

Updated :23 Dec 2008

9 comments:

  1. මාගාවත් තියනවා ScannTools ලගේ ODB II ගැජමැටික් එකක්, ලැප් එකට ගහන, මේක Universal reader එකක්, සෙල්ලම් කරන්න ලැබුනේම නෑ, දාමුද සෙල්ලමක් ?

    ReplyDelete
  2. @කාලිංග

    වැඩේ නම් හොදයි. ඒත් අපේ රටේ තියෙන වාහන බොහොමයක් මේ standard වලට වැඩ කෙරන්නේ නැහැනෙ. මගේ ලග තියෙන ELM-ISO Scantool එක වැඩ කලේ Kia-Rio, Toyota-Vios විතරයි(මට උත්සාහ කරන්න ලැබුනු වාහන වලින්). ඔය tool එක වැඩ කරන වාහන හම්බෙ උනහම මේකෙ සටහන් කරන්න පුළුවන් නම් කාටත් ප්‍රයෝජනවත් වේවි.

    ReplyDelete
  3. මගේ මොටර් රථයේත(Suzuki swift – 2003, Model HT51S)ඔය Check engine එක දැල්විලා තිෙයනවා. සදීප කියපුු විදියට මට 14 error code එක පමණයි ලැබෙනනෙ.

    ReplyDelete
  4. http://www.youtube.com/watch?v=S-QoYq0FBaU

    ReplyDelete
  5. මම ඊයෙ (2009/1/7) AMW එකට ගියා පරීක්ශාවක් කරගන්න. ස්cඅන් ටූල් එකෙන් ආවෙ ප්0135 (oxygen sensor 1 heater circuit malfunction, bank 1) කියලා.

    oxygen sensor එකම මාරුකරන්න ඔනි කියලා කිව්වම , මම එහුවා heater circuit එකෙ විතරක් නම් අවුල, සෙන්සොර් එක හොන්ද වෙන්න බෙරිඩ කියලා. ඵස්සෙ බෙලින්නම් සෙන්සොර් එකේ ම තියන හේටෙර් එකෙ open circuit වෙලා.

    ඉතින් මම සෙන්සොර් එක මාරු කර ගත්තා. දැන්් check engine light් එක දෙල්විලා නෙහෙ. දාවය කරනකොතට් ට්වරනය වෙඩි බව පෙනෙනවා. ඓන්දන වෙඩකරන විඩිය ගැන මම පස්සෙ බ්ලොග් එකක දාන්නම්.

    ප්රශ්නෙ තීනකොටත් කෙටි දුර වලට 11 km/l කුත් ඩිග දුර වලට 13 km/l කුත් වෙඩ කලා. (මම full tank් ම ගහන හින්දා, google doc එකෙක යන ඩුර මක්රකනවා, ඉතින් efficiency් එක බොහො දුරට නිවැරදිව කියන්න පුලුවන්)

    ReplyDelete
  6. O2 sensor එක මාරුය් කලාට පස්සෙ ඉන්ධන වඩා හොඳින් වැඩ කරන බවක් පෙනෙන්න තිබෙනවා.

    මේ දක්වා සාමාන්‍ය ප්‍රමානය 10.89 (14755 Km / 1354.77 leter).

    O2 sensor එක මාරුකලාට පසු 12.39(316km/25.5 leter)

    ReplyDelete
  7. Excellent blog. Looking forward for more posts like this.
    My blog post canapé d'angle

    ReplyDelete
  8. Excellent job. Highly recommended.
    Also visit my web page - canapé pas cher

    ReplyDelete
  9. swift ht51s ecu eke protocol eka mokakda

    ReplyDelete