Wednesday, November 18, 2009

ටච් පෑඩ් (TouchPad) වැඩ් කරන හැටි - 1 කොටස

මගේ කලින් සටහනක (මොනවද මේ ජංගම දුරකථන වල තියෙන සංවේදක )ලියුවානෙ සෙන්සර් වර්ග ගැන ස්විස්තරව කතා කරණවා කියලා ඉතින් අද මම ටච් සෙන්සෙර් එහෙම නැත්නම් ටච්පෑඩ් ගැන ලියන්න හිතුවා.

ඉතින් මේ ටච් සෙන්සර් වැඩ කරන සිද්ධාන්තය අනුව නොයෙක් වර්ග තියෙනවා. මම ඒවායින් වැඩිපුරම භාවිත කරන “ප්‍රතිරෝධමය ටච්පෑඩ් (resistive touch pads - used in most mobile phones)” සහ “ධාරිත්‍රකමය ටච්පෑඩ් (capacitive touch pads – used mainly on laptops and iPhone)” ගැන තමයි ලියන්න යන්නේ.

සටහනේ පළමු කොටසින් අපි මේ resistive touch pads ගැන බලමු. මේ resistive touch pads ත් ප්‍රධාන වර්ග දෙකක් තියෙනෙවා
1. සන්නායක 4 වර්ගය ( 4 - wire type)
2. සන්නායක 5 වර්ගය ( 5 - wire type)


මේ වායින්වැඩිපුරම භාවිත කරන්නේ සන්නායක 4 වර්ගය ( 4 - wire type) යි. පහල රූපයෙන් පෙනෙන්නේ මේ touchpad ක සැකසුමයි (හරස්කඩ).




Tuesday, November 17, 2009

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙකු වශයෙන් එහි නිල නිවෙදනය මෙහි පලකරමි.
 ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී. අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව පිලිබඳවය.




සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.



ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන් ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු 3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර, ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.



ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට පෙර අසා නැත්තෙමු.



BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත් මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ (http://www.bestweb.lk/) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක් (ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක් ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?



සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු එකක් ලෙස ය).



තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා අස්කරගනු ලැබේ.



මෙයට,

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.



http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/be0bb692d7a326fb?hl=si#

Friday, October 16, 2009

LCD තිරයක අන්වීක්ෂීය සටහන්

මගේ මේසය උඩ තිබිලා හම්බ උනා Nokia 6120c ෆෝන් එකකින් ගලවපු LCD එකක්. මේක මම දැනට අවු 2 විතර කලින් පාවිච්චි කරපු ෆෝන් එකෙන් ගලවපු එකක්. ඒක දවසක් බිම වැටිලා LCD එකෙ මැද්දෙන් පුපුරලා pixel පේලි කීපයක් පෙන්නෙ නැතුව ගියානෙ (ච්හ් ඒ දවස් වල මේ බ්ලොග් කෙරුවාව කලේ නැහැනෙ, නැත්නම් ඒකත් මේකෙ ලියන්න තිබුනා). LCD එකක් වැඩ කරන හැටි ගැන අදහසක් ගන්නත් එක්ක මට හිතුනා එකෙ පින්තූර ටිකක් දාන්න. පින්තූර කිව්වට මේවා අන්වීක්ෂයක් තුලින් ගත්ත පින්තූර. මේ ටික බැලුවට පස්සෙ හිතෙයි නිකම්ම වීදුරුකෑල්ලක් වගෙ තිබුනට මෙක කොයි තරම් සංකීර්ණද කියලා.

මේක නිකම්ම LCD එකක් කියල කිව්වට මේක TFT (Thin Film Transister - මේ මොකක්ද කියලා අපි පසුව බලමු) වර්ගයේ සහ පසුබිම් ආලෝක සපයන උපාංගත් මෙකට අයිතියි.

මෙන්න LCD එකේ බාහිර පෙනුම.

ඉදිරිපස පෙනුම.