ටික කලකට කලින් අපි ආලෝකය නිපදවාගන්න පාවිච්චි කලේ ටංග්ස්ටන් සූත්‍රිකා පහන් (tungsten filament lamps), ඊටත් කලින් නම් කාබන් සූත්‍රිකා පහන්. මෙවා ක්‍රමයෙන් ප්‍රතිදීපන පහන් (fluorescent lamps) වලට, සංගත ප්‍රතිදීපන පහන් (compact fluorescent lamps - CFL) වලට මාරු වෙලා. ඊටත් පස්සෙ අද කාලේ බොහොමයක් අවශ්‍යතා වලට ආලොක විමෝචක ඩයොඩ (light emitting diodes - LED) ජනප්‍රිය වෙලා තියෙනවා. මේ ලිපියෙන් ලියන්න යන්නෙ මේ LED කොහොමද මොටර් රථවල ප්‍රධාන පහන් (Headlights) සදහා යොදාගෙන තියෙන්නෙ කියලා. මේ කියන්නේ වහනයක් ගත්තට පස්සෙ එකෙ තියෙන පහන ගලවලා ඒකට LED එකක් හයිකරන එක ගැන නෙවෙයි, නිශ්පාදකයාම සවිකරන LED පහන් ගැනයි.
Friday, March 26, 2010
Thursday, March 11, 2010
ජංගම දුරකතන (හා ආශ්‍රිත වෙනත් සේවා ) සදහා ගුවන්විදුලි තරංග භාවිතය - 2
මේ ලිපියේ පළමු කොටසින් එක් එක් සේවාවන් සදහා පාවිච්චි කරන් සංඛ්‍යාතයන් ගැන ලියුවා. මේ කොටසින් අපි ලංකාවේ ජංගම දුරකතන සදහා පාවිච්චි කරන EGSM-900, DCS-1800 හා WCDMA-2100 සංඛ්‍යාත පරාස ගැන සවිස්තරව බලමු.
GSM/3G ජංගම දුරකතනයක් සාමාන්‍යයෙන් තමන් සම්බන්ධ වෙලා තියෙන ජාලය සමග පනිවුඩ හුවමරු කරගන්න ගුවන් විදුලි සංඛ්‍යාතයන් දෙකක් පාවිච්චි කරනවා. මෙයින් එක් සංඛ්‍යාතයක් ජංගම දුරකතනයේ සිට ජාල වෙත පනිවිඩ යැවීමට යොදා ගන්නවා. මේකට කියන්නේ උඩුසබැදුම (uplink - අප්ලින්ක්) කියලා. අනිත් සංඛ්‍යාතය පවිච්චි කරන්නේ ජාලයේ සිට දුරකතනයට එන පනිවුඩ ලබාගන්න. මේකට කියන්නේ යටිසබැදුම (downlink - ඩවුන්ලින්ක්) කියලා. මේකියන සංඛ්‍යාත දෙකේ තමයි සියලුම පාලන නාලිකා (control channels), වාහක නාලිකා (traffic channels) සම්ප්‍රේශනය කරන්නේ. ඒ ගැන විස්තර වෙලව ලබෙන හැටියට වෙනත් ලිපියක ලියන්න හිතාගෙන ඉන්නවා.

Wednesday, March 10, 2010
ජංගම දුරකතන (හා ආශ්‍රිත වෙනත් සේවා ) සදහා ගුවන්විදුලි තරංග භාවිතය - 1
ලංකාවේ අද වන විට මිලියන 12 කට අධික ජංගම දුරකතන සංඛ්‍යාවක් භාවිත කෙරෙනෙවා. වෙන විදිහකට කිව්වොත් ලංකාවෙ ජනගහනයෙන් හැම 100 කටම මොබිල් ෆොන් 62 ක් තියෙනෙවා. මේ හැම ජංගම දුරකතනයක්ම වැඩ කරන්නේ ගුවන් විදුලි තරංග උදව් කරගෙන. මේ ගුවන් විදුලි තරංග විවිධ පරාසයන්ට අයත් වෙනෙවා. ඒ වගේම ගුවන්විදුලි තරංග වලින් මිනිසුන්ට වෙන අහිතකර බලපෑම් ගැනත් ලොකු උනන්දුවක් ඇතිවෙලා තියෙනෙවා. ඒක නිසා මට හිතුනා ලංකාවේ මෙ දුරකතන සදහා පාවිච්ච්කරන ගුවන්විදුලි තරංග පරාසයන් ගැන සටහනක් ලියන්න.
ජංගම දුරකතන වලට අමතරව වෙනත් බොහොමයක් සංනිවේදන සේවාවන් හා උපකරන සදහාත් මෙ ගුවන් විදුලි තරංග භාවිත කරනවා. ඒක නිසා අපි මුලින්ම බලමු ඒ වෙනත් සේවාවන් වල පාවිච්චි කරන ගුවන් විදුලි තරංග සංඛ්‍යාත එක්ක කොහොමද මේ ජංගම දුරකතන සංඛ්‍යාත පිහිටලා තියෙන්නෙ කියලා. පහල රූපයෙන් පෙන්වලා තියෙන්නේ ගුවන් විදුලි තරංග වර්නාවලියේ (Radio Frequency Spectrum) සරල සටහනක්. මේකෙ පෙන්වන දේ ගැන පොඩ්ඩක් විස්තර බලමු.

Subscribe to:
Posts (Atom)