Wednesday, August 5, 2009

මොනවද මේ ජංගම දුරකථන වල තියෙන සංවේදක (mobile phone sensors)?

Blog එකක් ලියන්න පටන් ගත්තට ගොඩක් කාලෙකින් මොනවත් ලියන්න බැරි උනා. ඒක නිසා අද තදින්ම හිතා ගත්ත ලියන්න.

ඉතින් අද මට ලියන්න හිතුනා මේ ජංගම දුරකථන වලට එකතුවෙලා තියෙන සංවේදක (sensor)ගැන, ඒවා වැඩ කරන්නේ කොහොමද, ඒවයින් අපිට කරගන්න පුලුවන් මොනවද කියලා.
මට හිතෙන හැටියට ජංගම දුරකථන වලට වැඩියෙන්ම එකතු වෙල තියෙන්නෙ ත්වරන සංවේදක (accelerometer sensor), ස්පර්ශ සංවේදක(touch sensor) සහ ආලෝක සංවේදකයි(light sensor). දැන් දැන් ජංගම දුරකථන වලට සමීපත්ව සංවේදක(proximity sensor) සහ චුම්භකත්ව සංවේදකත් (magnetometer sensor)එකතුවෙලා තියෙනවා. මේ අතරට විභ්‍රමණේක්ෂ සංවේදකත් (gyroscope sensor) ලගදීම එකතුවෙයි කියලා හිතනවා. අදට අපි බලමු මේ එක එක සෙන්සරයෙන් මොනෙවද කෙරෙන්නේ කියලා.



(1) ත්වරන සංවේදක (accelerometer sensors)
ත්වරන සංවේදකයකින් කරන්නේ එම උපකරනෙයට දැනෙන බලය මනින එකයි. අර නිවුටන්ගේ නියමයට අනුව බලයත් ත්වරනයත් සමානුපාතික නිසා මෙවායින් ත්වරනය මනින ලෙස සැලකීමට පුලුවන්. මේවා නිශ්චලව තියෙන කොට පොලොවෙන් ඇතිකරන ගුරුත්වජ ත්වරනය සටහන් කෙරෙන අතර නිදහස් වැටීමකදී බිංදුව අගයක් පෙන්වයි.
ගුරුත්වජ ත්වරනය ඇති දිශාව මෙමගින් සොයාගත හැකිනිසා කැමරා, mobile phone ආදී උපකරන වල තිරය (screen) අල්ලගෙන සිටින දිශාව සොයා ගෙන ඒ අනුව දර්ශනය වෙනස් කිරීමට (කරකැවීමට) බහුලවම පාවිච්චි කරනවා (landscape portrait screen rotation).
මේවා අඩංගු උපකරනයක් අරගෙන ඇවිදින කොට තබපු පියවර ගනන, ඇවිදපු දුර වගෙ දෙවලුත් ලබා ගන්න පුලුවන්. තව GPS භාවිතවෙන් මග සොයගනීමේ වැඩ වලටත් මෙවා යොදා ගන්නෙවා. ඒ වගේම චලන ඉඟි (motion gesture) මගින් විධාන දීම දැන් ජනප්‍රිය වීගෙන යනවා.

(2) ස්පර්ශ සංවේදක (touch sensors)
මේවාට බොහෝම වෙලවට ටච් ස්ක්‍රීන් (touch screen) කියලත් කියනෙවා. මේවා කරන්නේ ඇගිල්ලකින් හෝ විශේෂ පෑනකින් කරන ස්පර්ෂයන්, තෙරපීම් හදුනා ගැනීමයි. ඉතින් තිරය මත දිස් වෙන යතුරු පුවරුවක් හෝ බොතමක් එබීමට මෙවා බහුලවම යොදා ගන්නෙවා. ඒ වගේම ස්පර්ශ ඉඟි (touch gestures) මගින් යම් යම් දේ කර ගැනීමටත් මේවා යොද ගන්නෙවා. උදාහරනයක් විදිහට ඇඟිල්ල තිරය මත ඉහල සිට පහලට ඇතිල්ලීමෙන් ස්ක්‍රොල් කිරීම. තව වැදගත් දෙයක් තමයි මේ ස්පර්ශ් සංවේදක තිරයත් එක්කම තියෙන් ඕනෑ නැහැ. දුරකථනයේ වෙනත් කොටස් මතත් මේ සංවේදක සවි කරන්න පුලුවන් (උදා. HTC - Touch Diamond).

(3) ආලෝක සංවේදක (light sensors)
ආලොක සංවේදක බොහොම සරල සෙන්සර වර්ගයක්. මේවයින් අවට පරිසරයේ ආලෝක තත්වය(තීව්‍රරතවයා ගැන මිනුමක් ලබා දෙනෙවා. දැනට ජංගම දුරකථන වලට මෙයින් ඇති ප්‍රයෝජනය තමයි අවට ආලෝකය අනුව තිරයේ දීප්තිය සීරුමාරු කිරීමයි. මෙමගින් පාවිච්චි කරන්නාට හොද දර්ශනයක් ලබා දෙනෙවා වගේම බැටරි ඉතිරිකිරීමත් සිද්ධ වෙනවා.





සැම්සුන්ග් ඔම්නියා (SGH-i900) හි ආලෝක සංවේදකය

(4) සමීපත්ව සංවේදක(proximity sensors)
මෙම සෙන්සර මගින් යමක් අසල ඇති බව හදුනාගනියි. මේ සදහා ස්පර්ශ වීම අවශ්‍ය නොවේ. දැනට ජංගම දුරකථන වල මේවා භාවිතා කෙරන්නේ ඇමතුමක් සම්බන්ධව තියෙනකොට ස්පර්ශ සංවේදක (touch screen) ක්‍රියාවිරහිත (disable) කිරීමෙන් අනවශ්‍ය ලෙස තිරෙයේ දිස්වෙන දේ ක්‍රියාකිරීම වැලැක්වීමටයි.


නොකියා 5800 හි ආලෝක හා සමීපත්ව සංවේදක

(5) චුම්භකත්ව සංවේදක (magnetometer sensors)
මෙම සෙන්සර මගින් අවට පරිසරයේ ඇති චුම්භක ක්ෂේත්‍රයේ ප්‍රබලතාව හා දිශාව සොයාගන්න පුලුවන්. iPhone 3G s, Nokia N97 වැනි ජංගම දුරකථන වල මේවා භාවිතා කිරීමෙන් ඉලෙක්ට්‍රොනික් මාලිමා යන්ත්‍ර (elctronic/digital compass) දිශාව සොයාගැනීමට යොදාගෙන තියෙනෙවා. තව GPS භාවිතවෙන් මග සොයගනීමේ වැඩ වලටත් මෙවා යොදා ගන්නෙවා.

(6) විභ්‍රමණේක්ෂ සංවේදක (gyroscope sensors)
ත්වරන සංවේදකයකින් සරල චලිත සොයා ගන්න පුලුවන් උනත් බ්‍රමන චලිත හොයගන්න අමරුයි. ඒකට තමයි මෙ සෙන්සර් වර්ගය තියෙන්නෙ. ඒ කියන්නේ මේකෙන් phone එක කැරකැවීමක් වෙනවද, කරකැවෙන වේගය වගේ දේවල් මෙකෙන් ලබා ගන්න පුලුවන්.ටිකක් මිල අධික නිසා තවම ජංගම දුරකථන වල එතරම් දකින්න නැහැ. GPS භාවිතවෙන් මග සොයගනීමේ වැඩ වලට මෙයින් ප්‍රයොජන ගත හැකි නිසා ලගදීම එකතුවෙයි කියලා හිතනෙවා.

ඉතින් අදට ඇති වගේ. මේ එක එක සෙන්සරය ගැන ඉදිරියෙදී විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනෙවා.

11 comments:

  1. කියල වැඩක් නෑ නියමම පෝස්ට් එකක්..... මම දැනගෙන හිටියෙ accelerometer sensors, touch sensors සහ light sensors ගැන විත‍රයි... දැන් තියන චීනයේ නිෂ්පාදිත ජංගම දුරකතනවලත් තියනවා අර කියපු accelerometer sensors වගේ වැඩක‍්රන යම් සංවේදකයක්..ඒක නියම එකමද නැත්තං ඒගැන කියන්න පුලුවන්ද.(මම දැකල තියනවා Apple i-phone එකේම කොපියක් ඒකෙ එහෙම එකක් තිබුනා)

    ReplyDelete
  2. මමත් මගෙ නොකියා 5800 ඔය කියන Proximity sensor එකෙන් කෙරෙන්නෙ මොකක්ද කියලා හරියටම දන්නෙ නැතුව හිටියෙ!

    ReplyDelete
  3. පට්ට පොස්ට් එක මචන්,,,
    (4), (5), (6) sensors ගැන අඩි දැනගත්තේ...

    ReplyDelete
  4. thanx machoo godak dewal igana gaththa

    machan mata nokia 5800 eka hack karana widiya dannawanan kiyala diyan hack karan nathuwa unsign application danna ba ne dannawanan kiyala diyan

    ReplyDelete
  5. ඉතාමත් වටිනා ලිපියක් මම මේ ගැන හොය හොයමයි ඉදියේ මගේ ගාවත් 5800 එකක් තියනවා ඒකේ තියන සෙන්සර ගැන දැනගෙන ඉදියට කරන කාර්යය පිලිබද අදයි දැනගතේ... බොහොම පින්

    ReplyDelete
  6. පට්ටම පට්ට හැකින් වැඩ ටිකක් වෙග්ම ෙවනස් ක්‍රමයකට ෙඩා්න්ගල් ෙලාක් කඩන හැටි මම ෙමතනත දැක්ක කැමතිෙකෙනක් ගිහින් බලන්න http://itpariganaka.blogspot.com

    ReplyDelete
  7. ala kira ada thamai mama oya gena dena gaththe , mamath oya alakiri weda walata kemathi ,, anika me lipiya kiya weuwe ada ala kiei ,, mata oyalage wab aken monawada wenne kiyala dannehe , mama aka dena ganna asai mama PIUMAL,, djpiumal@yahoo.com puluannam mawa denuwath karanna

    ReplyDelete
  8. ala kira ada thamai mama oya gena dena gaththe , mamath oya alakiri weda walata kemathi ,, anika me lipiya kiya weuwe ada ala kiei ,, mata oyalage wab aken monawada wenne kiyala dannehe , mama aka dena ganna asai mama PIUMAL,, djpiumal@yahoo.com puluannam mawa denuwath karanna

    ReplyDelete
  9. s60v5, s69v3 , symbian anna, belle oona ekak hack karanna puluwan lesima kramayak net eke assaka tibila hoyagatta...try karala balanna..

    http://mobilesunleashed.net/publ/news/symbian_hacked_yet_again_no_need_to_flash_or_sign_with_cert_and_key/1-1-0-439

    ReplyDelete
  10. Hi, I think your web site might be having browser compatibility problems.
    Whenever I take a look at your blog in Safari, it looks fine however when opening in I.
    E., it has some overlapping issues. I simply wanted to give you a quick heads
    up! Besides that, wonderful site!
    My web page :: lawsuit funding

    ReplyDelete
  11. Wow! Аftег all Ι gοt a blog frοm where Ι
    сan actually obtаіn useful facts
    concerning my study and knowledge.
    Also visit my blog : murfreesboro tile and grout cleaning

    ReplyDelete