Thursday, September 17, 2009

චීන මොබයිල් ෆොන් රෙපෙයාර්

මගේ යාලුවෙක්ගෙ මොබයිල් ෆොන් එක බිම වැටිලා ඊට පස්සෙ වඩ කරන්නෙ නැතුව ගිහින්. ඉතින් අද ලියන්න හිතුවෙ ඒක අලුත්වැඩියා කරපු හැටි ගැනයි.


මේ ෆොන් එක China mobile A618 වර්ගයේ එකක්. මේකෙ තිබුන රෝග ලක්ෂණය තමයි ON කරහම සාමාන්‍ය විදිහට Display එක එනවා ඒත් Keyboard එකවත් touchpad එකවත් වැඩ කරන්නේ නැහැ. Touchpad එක damage වුනු ලකුණු පේන්න තිබුනා.

ඉතින් අපි මේක ගලවලා බැළුවම touch pad එක display එකට අලවපු තැනින් ලේසියෙන් ගලවන්න පුලුවන් කියලා තේරුනා.

[නිල් පාට ඊතලයෙන් පෙන්වන දාරය දිගේ පිහිතලයකින් display එක සහ touch pad එක වෙන් කරගන්න පුලුවන්]


ඒත් මේක ටිකක් පරිස්සමින් කරන්න ඕනා. Touch pad එකේ flex cable ත් display එකේ flex cable එකටම මගදි පාස්සලා තියෙන්නෙ. මේ flex cable එක්ක වැඩ පරිස්සමින් කරන්න ඕනා, වැඩිපුර රත් වුනොත් flex cable එක උනු වෙලා ඔක්කොම වැඩෙ අල වෙනවා.

[flex cable සම්බන්දය]

කොහොම හරි touch pad එක වෙන් කර ගෙන multimeter එකෙන් පරීක්ෂා කලහම ඒක short කියල පෙනුනා. දැන් ඉතින් වෙලා තියෙන වැඩේ පැහැදිලියි. touch pad එක short වෙලා නිසා system එකට දිගටම touch point එකක් එනවා, ඒක නිසා system එක වෙන එක key එකකටවත් respond කරන්නෙ නැහැ.

දැන් touch pad මාරු කලහම ලෙඩේ හොද් වෙන්න ඕනා. ඒත් නිකමට වගේ තවත් උත්සාහයක් දාලා touch pad එකත් ගොඩ දාන්න පුලුවන් උනා.

phone එක බිම වැටුන වෙලාවෙ ගලක් ඇනිලා touch pad එකේ උඩ layer එකයි, යට layer එකයි එකට ඇලිලා තමයි touch pad එක short වෙලා තියෙන්නේ. Touch pad එකේ යට පැත්ත සීරුවෙන් රත් කරලා, බීම බොන බටයක් damage වෙච්ච තැන මැදිකරලා (on top layer) තියලා ඉරුවා.



අපේ බලාපොරොත්තුව මේකෙන් එකට ඇලුන layer දෙක වෙන් කරගන්නයි. මෙහෙම දෙපරක් විතර කරලා නැවත පරීක්ෂා කෙලෙහම වැඩේ හරි ගිහින්. (මේ රත් කරෙන වැඩේ යට පැත්තෙන්ම කරන්න ඕනා. Touch pad වල යට පැත්ත වීදුරු, උඩ පැත්ත plastic ඒක නිසා උඩපැත්ත රත් කරොත් උනු වෙනවා.)

මේකෙන් පස්සෙ phone එක ආපහු තිබුන විදිහටම සවි කලහම පාවිච්චි කරන්න පුලුවන් මට්ටමි වැඩකරා. Touch pad එකත් damage වුන තැන හැර හොදින් වැඩ.


Wednesday, August 5, 2009

මොනවද මේ ජංගම දුරකථන වල තියෙන සංවේදක (mobile phone sensors)?

Blog එකක් ලියන්න පටන් ගත්තට ගොඩක් කාලෙකින් මොනවත් ලියන්න බැරි උනා. ඒක නිසා අද තදින්ම හිතා ගත්ත ලියන්න.

ඉතින් අද මට ලියන්න හිතුනා මේ ජංගම දුරකථන වලට එකතුවෙලා තියෙන සංවේදක (sensor)ගැන, ඒවා වැඩ කරන්නේ කොහොමද, ඒවයින් අපිට කරගන්න පුලුවන් මොනවද කියලා.
මට හිතෙන හැටියට ජංගම දුරකථන වලට වැඩියෙන්ම එකතු වෙල තියෙන්නෙ ත්වරන සංවේදක (accelerometer sensor), ස්පර්ශ සංවේදක(touch sensor) සහ ආලෝක සංවේදකයි(light sensor). දැන් දැන් ජංගම දුරකථන වලට සමීපත්ව සංවේදක(proximity sensor) සහ චුම්භකත්ව සංවේදකත් (magnetometer sensor)එකතුවෙලා තියෙනවා. මේ අතරට විභ්‍රමණේක්ෂ සංවේදකත් (gyroscope sensor) ලගදීම එකතුවෙයි කියලා හිතනවා. අදට අපි බලමු මේ එක එක සෙන්සරයෙන් මොනෙවද කෙරෙන්නේ කියලා.



(1) ත්වරන සංවේදක (accelerometer sensors)
ත්වරන සංවේදකයකින් කරන්නේ එම උපකරනෙයට දැනෙන බලය මනින එකයි. අර නිවුටන්ගේ නියමයට අනුව බලයත් ත්වරනයත් සමානුපාතික නිසා මෙවායින් ත්වරනය මනින ලෙස සැලකීමට පුලුවන්. මේවා නිශ්චලව තියෙන කොට පොලොවෙන් ඇතිකරන ගුරුත්වජ ත්වරනය සටහන් කෙරෙන අතර නිදහස් වැටීමකදී බිංදුව අගයක් පෙන්වයි.
ගුරුත්වජ ත්වරනය ඇති දිශාව මෙමගින් සොයාගත හැකිනිසා කැමරා, mobile phone ආදී උපකරන වල තිරය (screen) අල්ලගෙන සිටින දිශාව සොයා ගෙන ඒ අනුව දර්ශනය වෙනස් කිරීමට (කරකැවීමට) බහුලවම පාවිච්චි කරනවා (landscape portrait screen rotation).
මේවා අඩංගු උපකරනයක් අරගෙන ඇවිදින කොට තබපු පියවර ගනන, ඇවිදපු දුර වගෙ දෙවලුත් ලබා ගන්න පුලුවන්. තව GPS භාවිතවෙන් මග සොයගනීමේ වැඩ වලටත් මෙවා යොදා ගන්නෙවා. ඒ වගේම චලන ඉඟි (motion gesture) මගින් විධාන දීම දැන් ජනප්‍රිය වීගෙන යනවා.

(2) ස්පර්ශ සංවේදක (touch sensors)
මේවාට බොහෝම වෙලවට ටච් ස්ක්‍රීන් (touch screen) කියලත් කියනෙවා. මේවා කරන්නේ ඇගිල්ලකින් හෝ විශේෂ පෑනකින් කරන ස්පර්ෂයන්, තෙරපීම් හදුනා ගැනීමයි. ඉතින් තිරය මත දිස් වෙන යතුරු පුවරුවක් හෝ බොතමක් එබීමට මෙවා බහුලවම යොදා ගන්නෙවා. ඒ වගේම ස්පර්ශ ඉඟි (touch gestures) මගින් යම් යම් දේ කර ගැනීමටත් මේවා යොද ගන්නෙවා. උදාහරනයක් විදිහට ඇඟිල්ල තිරය මත ඉහල සිට පහලට ඇතිල්ලීමෙන් ස්ක්‍රොල් කිරීම. තව වැදගත් දෙයක් තමයි මේ ස්පර්ශ් සංවේදක තිරයත් එක්කම තියෙන් ඕනෑ නැහැ. දුරකථනයේ වෙනත් කොටස් මතත් මේ සංවේදක සවි කරන්න පුලුවන් (උදා. HTC - Touch Diamond).

(3) ආලෝක සංවේදක (light sensors)
ආලොක සංවේදක බොහොම සරල සෙන්සර වර්ගයක්. මේවයින් අවට පරිසරයේ ආලෝක තත්වය(තීව්‍රරතවයා ගැන මිනුමක් ලබා දෙනෙවා. දැනට ජංගම දුරකථන වලට මෙයින් ඇති ප්‍රයෝජනය තමයි අවට ආලෝකය අනුව තිරයේ දීප්තිය සීරුමාරු කිරීමයි. මෙමගින් පාවිච්චි කරන්නාට හොද දර්ශනයක් ලබා දෙනෙවා වගේම බැටරි ඉතිරිකිරීමත් සිද්ධ වෙනවා.





සැම්සුන්ග් ඔම්නියා (SGH-i900) හි ආලෝක සංවේදකය

(4) සමීපත්ව සංවේදක(proximity sensors)
මෙම සෙන්සර මගින් යමක් අසල ඇති බව හදුනාගනියි. මේ සදහා ස්පර්ශ වීම අවශ්‍ය නොවේ. දැනට ජංගම දුරකථන වල මේවා භාවිතා කෙරන්නේ ඇමතුමක් සම්බන්ධව තියෙනකොට ස්පර්ශ සංවේදක (touch screen) ක්‍රියාවිරහිත (disable) කිරීමෙන් අනවශ්‍ය ලෙස තිරෙයේ දිස්වෙන දේ ක්‍රියාකිරීම වැලැක්වීමටයි.


නොකියා 5800 හි ආලෝක හා සමීපත්ව සංවේදක

(5) චුම්භකත්ව සංවේදක (magnetometer sensors)
මෙම සෙන්සර මගින් අවට පරිසරයේ ඇති චුම්භක ක්ෂේත්‍රයේ ප්‍රබලතාව හා දිශාව සොයාගන්න පුලුවන්. iPhone 3G s, Nokia N97 වැනි ජංගම දුරකථන වල මේවා භාවිතා කිරීමෙන් ඉලෙක්ට්‍රොනික් මාලිමා යන්ත්‍ර (elctronic/digital compass) දිශාව සොයාගැනීමට යොදාගෙන තියෙනෙවා. තව GPS භාවිතවෙන් මග සොයගනීමේ වැඩ වලටත් මෙවා යොදා ගන්නෙවා.

(6) විභ්‍රමණේක්ෂ සංවේදක (gyroscope sensors)
ත්වරන සංවේදකයකින් සරල චලිත සොයා ගන්න පුලුවන් උනත් බ්‍රමන චලිත හොයගන්න අමරුයි. ඒකට තමයි මෙ සෙන්සර් වර්ගය තියෙන්නෙ. ඒ කියන්නේ මේකෙන් phone එක කැරකැවීමක් වෙනවද, කරකැවෙන වේගය වගේ දේවල් මෙකෙන් ලබා ගන්න පුලුවන්.ටිකක් මිල අධික නිසා තවම ජංගම දුරකථන වල එතරම් දකින්න නැහැ. GPS භාවිතවෙන් මග සොයගනීමේ වැඩ වලට මෙයින් ප්‍රයොජන ගත හැකි නිසා ලගදීම එකතුවෙයි කියලා හිතනෙවා.

ඉතින් අදට ඇති වගේ. මේ එක එක සෙන්සරය ගැන ඉදිරියෙදී විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනෙවා.

Saturday, February 7, 2009

වාහන එංජින් පාලකයක ඇතුලත

මට ලැබුනු පර්ජෝ 405 (peugeot 405) හා හයි ඒස් (Toyota Hi-ace , patrol) වර්ගයේ වාහන දෙකක පින්තුර තමයි අද මේ සටහනට දාන්නෙ.


පර්ජෝ 405 (peugeot 405) එංජින් පාලකය






හයි ඒස් (Toyota Hi-ace) එංජින් (1RZ-E)පාලකය






මේවා ගැන ගොඩක් විස්තර කියන්න තිබුනත් ලියන්න වෙලාවක් නැහැ වගේ. කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවොත් කියන්නම්.