Wednesday, July 7, 2010

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) වෙබ් අඩවිය හැක් කරලා !!!

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ වෙබ් අඩවිය දැන් දවස් දෙක තුනක ට පෙර සිට හැක් කරලා. මේක කවදා යථා තත්වයට පත් වෙයිද?

පසු ගිය දවස් දෙක තුනෙම ලංකාවෙ Digital Television සදහා වෙන්කර ඇති නාලිකා ගැන හොයන කොට තමයි මම මෙක දැක්කෙ. "www.trc.gov.lk/images" පිටුවේ රූපයක් තමයි ඉහත තියෙන්නෙ. මේ ෆොල්ඩරය ඇතුලේ
hhtp://blackworm.org,  http://www.BlackWorm.oRg, http://www.SaboTaj.iN කියන file තුනක් පෙන්න තියෙනවා. මුල් පිටුවේ තිබුනු මෙනු එකත් නැතිවෙලා.

EDIT : 08 th July 2010:

ජූලි 7 සවස වන විට අඩවිය යථා තත්වයට පත් වෙලා තිබුනා. මේ සදහා ක්‍රියා කල සැමට ස්තුතියි.

Tuesday, May 11, 2010

විදුලි බිල අඩුකරන ගැජට් වලින් ඇත්තටම විදුලි බිල අඩුවෙනවාද? ( 2 - කොටස )

ඔබේ විදුලි මීටරය හදුනා ගන්න. (Domestic kWh meter)


මේ ලිපියේ පලමු කොටසින් මම ලියුවේ විදුලිය සම්බන්ධ තාක්ෂනික කරුනු ටිකක්. අද ලියන්න යන්නෙ ගෘහස්ත විදුලි මීටරයක ක්‍රියාකාරීත්වය හා ඒ ආශ්‍රිත විස්තර.


ක්‍රියාකරන ආකාරය අනුව ප්‍රධාන වශයෙන් මේ මීටර් වර්ග කීපයක් තියෙනවා.

Tuesday, May 4, 2010

විදුලි බිල අඩුකරන ගැජට් වලින් ඇත්තටම විදුලි බිල අඩුවෙනවාද? ( 1- කොටස )

සක්‍රිය ක්ෂමතාවය (active power), දෘශ්‍ය ක්ෂමතාවය (apparent power), ක්ෂමතා සාධකය (power factor) සහ තරංග හැඩ විකෘති (Waveform distortion)

පසුගිය මාස කීපය ඇතුලත මට email මගින් සහ වෙනත් යහලුවන් කීප දෙනෙකුගෙන්ම දැනගන්න ලැබුනා මේ 35% ක් දක්වා විදුලි බිල අඩුකරන ගැජට් එකක් විකුනන්න තියෙනෙවා කියලා. මේ උපකරනය නිවසේ තියෙන විදුලි පේනුවකට් සම්බන්ධ කරන්න විතරයි තියෙන්නෙ. මේ ගැජට් එක ඇත්තටම වැඩ කරනවාද, කොහොමද වැඩ කරන්නේ (ක්‍රියාකරීත්වය ගැන) බොහොම දෙනෙක් විමසා සිටියා. ඉතින් හැම දෙනාටම ප්‍රයොජනවත් වෙන්න මගේ අදහස් ඒ ගැන ලියා තියන්න හිතුවා. ඒකෙ විස්තර පත්‍රිකාවෙ ක්‍රියාකාරීත්වය ගැන කියවෙන තැන්වල තියෙන තාක්ෂනික වචන කීපයක් සහ ඒවයේ තේරුම, වැදගත්කම ගැන තමයි මේ ලිපියෙන් ලියන්න යන්නෙ. ඉදිරි ලිපිවලින් අපේ ගෘහස්ත විදුලි මීටරවල ක්‍රියාකාරීත්වය ගැනත්. මේකියන විදිහට 35% විදුලි බිල අඩු වෙනවද කියන එක ගැන මගේ අදහසත් ලියන්න බලාපොරොත්තු වෙනවා.

අපි මුලින්ම බලමු විදුලි බිල හැදෙන්නෙ කොහොමද කියලා.

Friday, March 26, 2010

ඕනෑම හුවාවි Huawei HSDPA USB මොඩමයක් නොමිලේම Unlock කරගන්නේ මෙහෙමයි

මොඩෙම් lock/unlock කිරීම ලංකාවේ නීති විරෝදී දෙයක් නෙවෙයි. ඒත් එමගින් තමන්ගේ සේවාදායකයා සමග ඇති සෙවා ගිවිසුම අවලංගු වෙන්න පුලුවන්. ඒක නිසා මේක කරන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
මේ කියන ක්‍රමය Huawei USB 3G/HSDPA මොඩෙම් ඕනෙම මාදිලියකට වලංගුයි.

මොඩෙම් එකක් unlock කරගන්න මුලින්ම ඔන වෙන්නෙ අදාල කේත අංකයයි (unlock code). හුවාවි මොඩෙම් සදහා මේ කේත අංකය පදනම් වෙලා තියෙන්නෙ මොඩෙම් එකේ IMEI නොම්බරය මතයි. ඒක නිසා මුලින්ම මොඩෙම් එකෙ IMEI අංකය හොයගන්න. මේක ඉලක්කම් 15 ක නොම්බරයක්. මේක මොඩමෙයෙම හෝ ඇසිරුමෙ සදහන් කරලා තියෙනවා. නැත්නම් Mobile partner එකෙ Tools -> Diagnostic යටතේ බලාගන්න.



මෝටර් රථ ප්‍රධාන පහනට LED

ටික කලකට කලින් අපි ආලෝකය නිපදවාගන්න පාවිච්චි කලේ ටංග්ස්ටන් සූත්‍රිකා පහන් (tungsten filament lamps), ඊටත් කලින් නම් කාබන් සූත්‍රිකා පහන්. මෙවා ක්‍රමයෙන් ප්‍රතිදීපන පහන් (fluorescent lamps) වලට, සංගත ප්‍රතිදීපන පහන් (compact fluorescent lamps - CFL) වලට මාරු වෙලා. ඊටත් පස්සෙ අද කාලේ බොහොමයක් අවශ්‍යතා වලට ආලොක විමෝචක ඩයොඩ (light emitting diodes - LED) ජනප්‍රිය වෙලා තියෙනවා. මේ ලිපියෙන් ලියන්න යන්නෙ මේ LED කොහොමද මොටර් රථවල ප්‍රධාන පහන් (Headlights) සදහා යොදාගෙන තියෙන්නෙ කියලා. මේ කියන්නේ වහනයක් ගත්තට පස්සෙ එකෙ තියෙන පහන ගලවලා ඒකට LED එකක් හයිකරන එක ගැන නෙවෙයි, නිශ්පාදකයාම සවිකරන LED පහන් ගැනයි.

Thursday, March 11, 2010

ජංගම දුරකතන (හා ආශ්‍රිත වෙනත් සේවා ) සදහා ගුවන්විදුලි තරංග භාවිතය - 2

මේ ලිපියේ පළමු කොටසින් එක් එක් සේවාවන් සදහා පාවිච්චි කරන් සංඛ්‍යාතයන් ගැන ලියුවා. මේ කොටසින් අපි ලංකාවේ ජංගම දුරකතන සදහා පාවිච්චි කරන EGSM-900, DCS-1800 හා WCDMA-2100 සංඛ්‍යාත පරාස ගැන සවිස්තරව බලමු.



GSM/3G ජංගම දුරකතනයක් සාමාන්‍යයෙන් තමන් සම්බන්ධ වෙලා තියෙන ජාලය සමග පනිවුඩ හුවමරු කරගන්න ගුවන් විදුලි සංඛ්‍යාතයන් දෙකක් පාවිච්චි කරනවා. මෙයින් එක් සංඛ්‍යාතයක් ජංගම දුරකතනයේ සිට ජාල වෙත පනිවිඩ යැවීමට යොදා ගන්නවා. මේකට කියන්නේ උඩුසබැදුම (uplink - අප්ලින්ක්) කියලා. අනිත් සංඛ්‍යාතය පවිච්චි කරන්නේ ජාලයේ සිට දුරකතනයට එන පනිවුඩ ලබාගන්න. මේකට කියන්නේ යටිසබැදුම (downlink - ඩවුන්ලින්ක්) කියලා. මේකියන සංඛ්‍යාත දෙකේ තමයි සියලුම පාලන නාලිකා (control channels), වාහක නාලිකා (traffic channels) සම්ප්‍රේශනය කරන්නේ. ඒ ගැන විස්තර වෙලව ලබෙන හැටියට වෙනත් ලිපියක ලියන්න හිතාගෙන ඉන්නවා.

Wednesday, March 10, 2010

ජංගම දුරකතන (හා ආශ්‍රිත වෙනත් සේවා ) සදහා ගුවන්විදුලි තරංග භාවිතය - 1

ලංකාවේ අද වන විට මිලියන 12 කට අධික ජංගම දුරකතන සංඛ්‍යාවක් භාවිත කෙරෙනෙවා. වෙන විදිහකට කිව්වොත් ලංකාවෙ ජනගහනයෙන් හැම 100 කටම මොබිල් ෆොන් 62 ක් තියෙනෙවා. මේ හැම ජංගම දුරකතනයක්ම වැඩ කරන්නේ ගුවන් විදුලි තරංග උදව් කරගෙන. මේ ගුවන් විදුලි තරංග විවිධ පරාසයන්ට අයත් වෙනෙවා. ඒ වගේම ගුවන්විදුලි තරංග වලින් මිනිසුන්ට වෙන අහිතකර බලපෑම් ගැනත් ලොකු උනන්දුවක් ඇතිවෙලා තියෙනෙවා. ඒක නිසා මට හිතුනා ලංකාවේ මෙ දුරකතන සදහා පාවිච්ච්කරන ගුවන්විදුලි තරංග පරාසයන් ගැන සටහනක් ලියන්න.

ජංගම දුරකතන වලට අමතරව වෙනත් බොහොමයක් සංනිවේදන සේවාවන් හා උපකරන සදහාත් මෙ ගුවන් විදුලි තරංග භාවිත කරනවා. ඒක නිසා අපි මුලින්ම බලමු ඒ වෙනත් සේවාවන් වල පාවිච්චි කරන ගුවන් විදුලි තරංග සංඛ්‍යාත එක්ක කොහොමද මේ ජංගම දුරකතන සංඛ්‍යාත පිහිටලා තියෙන්නෙ කියලා. පහල රූපයෙන් පෙන්වලා තියෙන්නේ ගුවන් විදුලි තරංග වර්නාවලියේ (Radio Frequency Spectrum) සරල සටහනක්. මේකෙ පෙන්වන දේ ගැන පොඩ්ඩක් විස්තර බලමු.

Monday, February 8, 2010

ටොයෝටා වාහන අලෙවිය අත්හිටුවා මිලියන ගනනක් වාහන නැවත කැදවයි !!! ???

ටොයොටා සමාගම 2010 ජනවාරි මස නිකුත් කල නිවේදනයට අනුව එම සමාගම විසින් නිෂ්පාදනය කර අලෙවිකරණ ලද වාහන වර්ග ගනනාවක් ආපසු කැදවලා. මේ නැවත කැදවීමට අදාල මුළු වාහන ගනන මිලියන 6 ත් 8ත් අතර වෙනවා කියලා ඇස්තමේන්තු කරලා.

Friday, February 5, 2010

සිම්බියන් (Symbian) නිදහස ලබයි.

ලොව පුරා ජංගම දුරකතන මිලියන 330 කට වැඩි ගනනකට පනපෙවු සිම්බියන් මෙහෙයුම් පද්ධතිය 2010 පෙබරවාරි 4 සිට විවෘත කේත (Open source) පද්ධතියක් ලෙස නිදහස් කර ඇත. මේ අනුව අවශ්‍ය ඕනෑම කෙනෙකුට මෙතැනින් සිම්බියන් නාමකරනය අනුව Symbian^3 අනුවාදය කේතයන් බාගන්න පුලුවන්.