Friday, October 16, 2009

LCD තිරයක අන්වීක්ෂීය සටහන්

මගේ මේසය උඩ තිබිලා හම්බ උනා Nokia 6120c ෆෝන් එකකින් ගලවපු LCD එකක්. මේක මම දැනට අවු 2 විතර කලින් පාවිච්චි කරපු ෆෝන් එකෙන් ගලවපු එකක්. ඒක දවසක් බිම වැටිලා LCD එකෙ මැද්දෙන් පුපුරලා pixel පේලි කීපයක් පෙන්නෙ නැතුව ගියානෙ (ච්හ් ඒ දවස් වල මේ බ්ලොග් කෙරුවාව කලේ නැහැනෙ, නැත්නම් ඒකත් මේකෙ ලියන්න තිබුනා). LCD එකක් වැඩ කරන හැටි ගැන අදහසක් ගන්නත් එක්ක මට හිතුනා එකෙ පින්තූර ටිකක් දාන්න. පින්තූර කිව්වට මේවා අන්වීක්ෂයක් තුලින් ගත්ත පින්තූර. මේ ටික බැලුවට පස්සෙ හිතෙයි නිකම්ම වීදුරුකෑල්ලක් වගෙ තිබුනට මෙක කොයි තරම් සංකීර්ණද කියලා.

මේක නිකම්ම LCD එකක් කියල කිව්වට මේක TFT (Thin Film Transister - මේ මොකක්ද කියලා අපි පසුව බලමු) වර්ගයේ සහ පසුබිම් ආලෝක සපයන උපාංගත් මෙකට අයිතියි.

මෙන්න LCD එකේ බාහිර පෙනුම.

ඉදිරිපස පෙනුම.

Wednesday, September 23, 2009

Windows Mobile (Samsung Omnia i900) සහ සිංහල යුනිකෝඩ්

මගේ කලින් සටහනෙන් කිව්වෙ Symbian phone එකකට සිංහල යුනිකෝඩ් font දාන්නෙ කොහොමද කියලා. අද කියන්න යන්නෙ windows mobile phone එකකට ඒක කරන හැටි. මේකට මම පාවිච්චි කරන්නෙ Samsung Omnia SGH-i900 phone එකක්. ඒකෙ තියෙන්නෙ windows mobile 6.1 professional version එක.




මේකෙ දැනට Techකතා site එක පේන්නෙ මේ විදිහට.
Windows mobile phone වලට ෆොන්ට් දාන හැටි මෙහෙමයි.




(1) Phone එක active sync වලින් PC එකට connect කරලා “\Windows” folder එකට brows කරන්න. ඒකෙ Fonts කියලා folder එකක් නැත්නම් එහෙම folder එකක් හදන්න.
(2) දැන් මේ “\windows\fonts” folder එකට අවශ්‍ය font එක copy කරන්න. මම පාවිච්චි කරේ "ඉස්කොලෙ පොත" (iskpota.ttf).
(3) ඊලගට phone එකේ registry entry කීපයක් දාන්න ඕනා. මේකට මම නම් පාවිච්චි කෙලේ Visual studio 2005 වල එන Windows CE remote registry editer කියන ටූල් එක. මේ සදහා windows mobile registry edit කරන ඕනෑම එකක් පාවිච්චි කරන්න පුලුවන්. මේ ඕනම ක්‍රමයකට පහත දැක්වෙන entry ටික දාගන්න.
-----------------------------------------------------------------------
[HKEY_LOCAL_MACHINE\System\GDI]
“FontLinkMethods” = dword:1

[HKEY_LOCAL_MACHINE\Software\Microsoft\FontLink\SystemLink]
“Tahoma” = “\\windows\\Fonts\\ iskpota.ttf,Iskoola Pota”

“Courier New” = “\\windows\\Fonts\\ iskpota.ttf,Iskoola Pota”
-------------------------------------------------------------------------
[මේක කරන්න පුලුවන් තව ක්රමයක් තමයි. තිත් ඉරි වලට මැදින් තියෙන registry keys ටික text file එකකට copy කරලා, ඒක sinhala.reg වගෙ “.reg” extension තියෙන නමකට rename කරන්න. දැන් මේ file එක active sync වලින් copy කරන්න. දැන් copy කරපු file එක මත double click කරන්න. එන message එකට yes කියන්න.]

සැ. යු.- Tool එකෙන් registry entry දානව නම් "\\" වෙනුවට "\" භාවිතා කරන්න.

දැන් phone එක පරිගණකයෙන් ගලවා restart කරන්න. එතකොට අලුත් font එකෙන් සිංහල අකුරු පේන්න ඕනා.

දැන් Techකතා site එක පෙන්නෙ මේ විදිහට.



























ලොකුම ප්‍රෂ්ණය තමයි සිංහල අකුරු type කරන එක. මේකට තියෙන ක්රමය තමයි UCSC එසැනින් පරිවර්තකය හෝ යතුරු පුවරුව පාවිච්චි කරන එක. ඒත් මේ දෙකින් එකක් වත් හොදින් වැඩ කලේ නැහැ. එසැනින් පරිවර්තකය වැඩ කලේම නැහැ. යතුරු පුවරුවේ සමහර අකුරු විතරයි වැඩ කරේ.



ඉහත රූපයේ මුල් අකුර මම "පි" type කල විට ලැබුනු අකුරයි. ඉතින් මේකත් පාවිච්චි කලනොහැකි මට්ටමේ තමයි.

Registry entry මැකීමෙන් හෝ “clean boot” කිරීමෙන් මේ font එක ඉවත් කරගන්න පුලුවන්.

සැ. යු.- අත්හදා බැලීමේ අවදානම ඔබ සතුයි.

Monday, September 21, 2009

Nokia 5800 සහ සිංහල යුනිකෝඩ්

මේ දවස් වල අපේ Techකතා අහන කට්ටිය ගෙ ප්‍රශ්නයක් තිබුන මොබයිල් ෆොන් වලට සිංහල දාන්නෙ කොහොමද කියලා. ඉතින් මටත් හිතුනා මගේ phone එකටත් සිංහල font එකක්වත් දාලා බලන්න.
මේක Nokia 5800 වර්ගයේ එකක්. Nokia Symiban phone බොහෝමයක් සිංහල support කරන්නේ නැහැ.
මේකෙ දැනට Techකතා site එක පෙන්නෙ මේ විදිහට.
























අපිට කරන්න පුලුවන් මෙකට සිංහල font එකක් දාලා අකුරු ටික යන්තම් බලගන්න හදගන්න. එත් rendering නම් හොද නැහැ. (Symbian OS 9.x, S60 3rd edition හො 5th edition phone වලට font එකක් දාගන්නේ මෙහෙමයි.

(1)මුලින්ම දාන්න ඕනා font එක තොරගන්න. මේ ෆොන්ට් එකට සිංහල, ඉන්ග්‍රීසි අකුරු ඔක්කොම තියෙන එකක් තොර ගන්න. නැත්නම් ඉන්ග්‍රීසි අකුරු පේන්නෙ නැතුව යයි. මම මේකට "ඉස්කොලෙ පොත" (iskpota.ttf) එක තොරා ගත්තා.
(2)දැන් phone එක "Mass storage" විදිහට පරිගණකයකට සම්බන්ද් කරන්න.
(3)ඊලගට phone එකේ external memory card එකේ resource\Fonts යනුවෙන් folder සාදාගන්න [resource ඇතුලෙ Fonts folder එක]. මේ Fonts folder එකට iskpota.ttf file එකන් copy 4ක් අරගෙන පහන නම් වලට rename කරන්න.
(i) s60snr.ttf
(ii) s60ssb.ttf
(iii) s60tsb.ttf
(iv)S60ZDIGI.ttf
මේ පියවර අවසානයේ එකම file එකේ copy 4 ක් නම් 4 කින් තියෙන්න ඕනා.

දැන් phone පරිගණකයෙන් ගලෙවා restart කරන්න. එතකොට අලුත් font එකෙන් සියලු අකුරු පේන්න ඕනා.
දැන් Techකතා site එක පෙන්නෙ මේ විදිහට.


මේක Internal memory පමණක් ඇති phone වලට කරන්න එපා. Font නැවත පර්ණ් එකට යන්න internal memory format කරන්න වෙන්න පුලුවන්.

Externel memory තියෙන phone එකේ memory card එක ගලවා restart කිරීමෙන් පරණ font එක restore කර ගන්න පුලුවන්.
ඊළග ප්‍රෂ්ණය තමයි සිංහල අකුරු type කරන එක. මේකට තියෙන ක්‍රමය තමයි UCSC එසැනින් පරිවර්තකය හෝ යතුරු පුවරුව පාවිච්චි කරන එක. (not 100% good and easy).







Symbian OS එකේ සිංහල අකුරු මීට වඩා හොදට render කරන්න පුලුවන් ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවානම් කරුණාකරලා මටත් කියන්න.
සැ. යු.- අත්හදා බැලීමේ අවදානම ඔබ සතුයි.